master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සාපෙට පැය 3කට කලින් සිසුවිය එල්ලිලා මැරිලා


2017-12-14 08:17:27 -  1042 යි

මෙවර පැවැත්වෙන අ.පො.ස.සාමාන්‍ය පෙල විභාගය ආරම්භ වීමට පැය තුනකට පෙර යාපනයේ- ආනකෝට්ටේ ප්‍රදේශයේ ශිෂ්‍යාවක 12 දා උදෑසන සිය නිවසේදී ගෙල වැලලාගෙන මිය ගොස් තිබේ.

තේවේන්ද්‍රන් මධුශිකා නැමති මෙම ශිෂ්‍යාව මෙවර අපොස සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටීමට නියමිත ශිෂ්‍යාවකි.

ඇය උදෑසන අවදි වී විභාගයට යාමට සූදානම් වීමට නොපැමිණීම නිසා ඇගේ මව ඇගේ කාමරයට ගොස් විපරම් කොට බලන විට ඇය කාමරයේ බාල්කයක සාරියක් ගෙලට දමා ගෙල වැලලාගෙන සිටිනු දක්නට ලැබී ඇත.

මව කෑ ගැසීම නිසා අසල්වාසීන් එම ස්ථානයට පැමිණ ශිෂ්‍යාව රෝහල කරා රැගෙන ගොස් ඇතත් ඒ වන විට ඇය මිය ගොස් සිටි බව වෛද්‍යවරු පවසා ඇත.

යාපනයේ සන්දිලිපායි විද්‍යාලයේ ඉගෙණුම ලබන මේ ශිෂ්‍යාව සියදිවි හානි කරගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එය පවුලේ ආරවුලක් මත සිදුවූ එකක් බවට කරුණු හෙළිදරව් වන බව යාපනය පොලීසිය කියයි.

යාපනය ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එම්.ප්‍රේම්කුමාර් මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් පසුව එම මරණය ගෙළ වැලලාගැනීඑම්න් සිදුවූ මරණයක් බවටත් එම මරණය සියදිවි හානි කරගැනීමක් බවටත් නිගමනය කොට තිබේ.

අදාළ පරීක්ෂණකටයුතුවලින් පසුව ශිෂ්‍යාවගේ දේහය පවුලේ උදවිය වෙත බාරදී ඇත.

යාපනය පොලීසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වාගෙන යයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com