master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

13 හැවිරිදි දියණිය එක්ක එකතු වෙලා අම්මා ඇඟ විකුණලා දැරිය රූම් එකට ගෙනියද්දී පොලිස් දැලේ පැටලෙයි


2017-12-12 16:26:25 -  1447 යි

සිය දහතුන් හැවිරිදි දියණිය සමග එක්ව ගණිකා වෘත්තියේ නියැලුණු බවට සැකපිට ලග්ගල ප්‍රදේශයේ මවක් හා බාල වයස්කාර දැරියගේ පහස සොයා පැමිණි අයකු අද(12) ලග්ගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දහතුන් හැවිරිදි දියණියක් මේ ආකාරයෙන් සිය මව සමග ගණිකා වෘත්තියේ නියැලෙන බව ප්‍රදේශවාසීන් විසින් පොලීසියට දැනුම් දීමෙන් පසුයි, ලග්ගල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ  ස්ථානාධිපතිඇතුළු පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳව සූක්ෂම ලෙස පරීක්ෂණයක් පවත්වා තිබෙන්නේ.

ඒ අනුව දහතුන් හැවිරිදි දියණිය නාවුල ප්‍රදේශයේ පුද්ගලයකුට අලෙවි කොට අනතුරුව එම පුද්ගලයා දඹුල්ල ඉබ්බන්කටුව වැව මාර්ගයේ නිවාඩු නිකේතනයකට රැගෙන ගොස් සිටියදී පොලිස් කණ්ඩායම විසින් දහතුන් හැවිරිදි දියණියත් ඔහු සමග පැමිණි පුද්ගලයාත් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දඹුල්ල ජලාශ පාරේ පිහිටා ඇති මෙම නිවාඩු නිකේතනය නිරන්තරයෙන් බාලවයස්කාර පෙම්වතුන් සඳහා කාමර පහසුකම් ලබා දෙන ස්ථානයක් බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇති බව සඳහන්.

ඒ අනුව මෙම නිවාඩු නිකේතනයට සහ දියණියගේ මවට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම නිවාඩු නිකේතනය දඹුල්ල ත්‍රීරෝද රථ සංගමයේ සභාපතිට අයත් එකක් බවත් ඒ හේතුවෙන් තමන් සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් විමසූ බවත් අප දඹුල්ල ප්‍රදේශීය වාර්තාකරු සඳහන් කළා.

එහිදී සභාපතිවරයා කියා ඇත්තේ තමන්ගේ රැකියාව වන්නේ කාමර කුලියට ලබාදීම බවත් ඒ  සඳහා පැයකට රුපියල් දහසක මුදලක් අය කරන බවයි.

එමෙන්ම දහතුන් හැවිරිදි සිසුවියකට තම ආයතනයේ කාමරයක් ලබා දෙන අවස්ථාවේ තමන් නොසිටි බවත් තමන්ගේ සේවකයකු විසින් එය ලබා දී ඇති බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් තම සේවකයාට දුරකතනයෙන් කතා කොට කාමර ලබා දීමට පෙර හැදුනුම්පත බලන ලෙස දැනුම්දුන් බවද ඔහු සඳහන් කර ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් ත්‍රිරෝද රථ සංගමයේ සභාපතිත්වය දරන ඔහු මෙවැනි ආකාරයෙන් පැයට දෙකට කුඩා දරුවන්ට කාමර ලබා දීම පිළිබඳව පැන නැගී ඇති ගැටළුවට දිගින් දිගටම පොලිසිය විසින් චෝදනා එල්ල කිරීම පිළිබඳව ද අප වාර්තාකරු විමසීමක් කර තිබෙනවා.

අහිදී ඔහු කියා තිබෙන්නේ දිවයිනේ ඕනෑ තරම් මේ ආකාරයෙන් කාමර ලබා දීම සිදු වන බවත් තමන් ඒ අනුව එම රැකියාව සිදුකරන බවයි.

මෙසේ අත්අඩංගුවට ගත් දියණිය මව සහ සැකකරු 12 දින ලග්ගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ලග්ගල පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

දඹුල්ල - කාංචන ආරියදාස 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com