master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ගම්පහ ස්ටේෂන්එකේ ලේ පිරික්ෂාවකදී HIV 5ක් හමුවෙලා !


2017-12-11 14:48:47 -  416 යි

ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන ඒකකය ගම්පහ දුම්රිය ස්ථානයේ දී කළ රුධිර පරික්ෂාවක් අතරතුර HIV ආසාධිතයන් බවට සැකකෙරෙන පස්දෙනෙකු හමුව ඇතැයි වාර්තා වේ.

මෙසේ හඳුනාගත් පස්දෙනා අතර කාන්තාවන් දෙදෙනෙකු ද ඇතැයි පැවසේ.

මෙම රුධිර පරික්ෂාවට පුද්ගලයින් 160 දෙනෙකු සහභාගිවී තිබේ.

වසර 2025 දී මෙරටින් ඒඩ්ස් තුරන් කරමු යන තේමාව යටතේ මෙම රුධිර පරික්ෂාව සිදුකළ අතර එය ප්‍රතිසංවිධානය කර තිබුණේ ඒඩ්ස් දිනයට සමගාමීවය.

මෙසේ හඳුනාගත් පස්දෙනා රෝගය තහවුරුකර ගැනීමේ පරීක්ෂණ සඳහා ඉදිරියේදී යොමුකරන බව ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන ඒකකය කියා සිටී.

ඔවුන් ආසාධිතයන් බවට තහවුරු වුවහොත් අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙමින් සාමාන්‍ය දිවි පෙවතක් ගතකිරීමට අවස්ථාව ලබාදෙන බවද එම ඒකකය තහවුරු කළේය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com