master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

" අසනීප වූ සැමියා රැක ගන්න තමන්ගේ වකුගඩුව පරිත්‍යාග කළ බිරිඳ වෛද්‍ය උපදෙස්ද නොතකා සැමියා වෙනුවෙන් ගෙදර එයි" රන් කෙන්දෙන් බැඳි සත්‍ය ප්‍රේමයක සංවේදී කතාව .!


2017-12-11 14:32:45 -  274 යි

සිය ආදරණීය සැමියාගේ ජීවිතය රැක ගැනීම සදහා , සිය සැමියාට තමන්ගේ  වකුගඩුවක් පරිත්‍යාග කළ බිරිදකගේ කැපකිරීම නිෂ්ඵල වූ පුවතක් වාර්තා වෙනවා. ඒ  තලාතුඔය ප්‍රදේශයෙන්.
සිදුවීම සැකෙවින් මෙසේය,

තලාතුඔය නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වූ පී. බී. ඉලුක්කුඹුර 59 හැවිරිදි තිදරු පියෙකි.  තලාතුඔය නගරයේ ව්‍යාපාරික කටයුතුවල යෙදුණු ඔහු කලක සිට වකුගඩු ආබාධයකින් පෙළෙමින් සිට ඇත. වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඔහුට වකුගඩුවක් බද්ධ කළ යුතු බවයි. ඔහුට ගැළපෙන වකුගඩුවක් සොයා ගැනීමට කොතරම් වෙහෙසුණද නොලැබුණු බැවින් සිය ආදරණීය සැමියා ජීවත් කරලීම උදෙසා තමාගේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට ඔහුගේ බිරිය තීරණය කර ඇත.

ඒ අනුව ඉකුත් 5දා මහනුවර රෝහලේදී ඇයගේ වකුගඩුවක් ඔහුට බද්ධ කර තිබේ. සියල්ල යහපත් ලෙසින් සිදුවුවද ඉකුත් 8දා අලුයම් කාලයේ ඔහුගේ තත්ත්වය බරපතළ අතට හැරී තිබේ. වෛද්‍යවරුන් කෙතරම් උත්සාහ කළද ඔහුගේ ජිවීතය රැක ගැනීමට නොහැකිව අවාසනාවන්ත ලෙස ඔහු මිය ගොස් තිබේ.

ඒ වනවිටත් ඔහුගේ බිරිඳ සැත්කමට මුහුණ දී වැඩි දුර ප්‍රථිකාර ලබමින් රෝහලේය. තමන්ගේ කැපකිරීම නිෂ්ඵල වූ බව දැන ඇය රෝහලම දෙවනත් කරමින් හඩා වැලපී ඇත, 
රෝහල සිට මෘත දේහය නිවෙසට රැගෙන ගියද සැත්කමට භාජන වූ බැවින් ඇයට රෝහලෙන් පිටව නොයන ලෙසට වෛද්‍යවරුන් තරයේ අවවාද කර ඇත. එහෙත් තමාගේ වකුගඩුවක් ලබාදී සිය සැමියා රැකගන්නට වෙර දැරූ ඇයට මෙය මහත් වේදනාවක් විය.

තමරා කුමාරි රත්නායක නම් 52 හැවිරිදි තිදරු මව වෛද්‍ය උපදෙස්ද නොතකා තම නිවෙසට පැමිණියේ අවසන් වරට තම ආදරණීය සැමියාගේ නිසල දේහය දැකගන්නටය.
සැමියාගේ දේහය අසල ඇය වැලපෙනු කාගෙත් සිත් කම්පාවට පත් කළේය. තවමත් පාසල් යන දියණියන් දෙදෙනා සහ එකම පුතුණුවන් ඇයව අස්වසාලීමට තැත් කරනුයේ දෙනෙතේ වැගිරෙන කඳුළු දහරාවන් සමඟය. ඇය දේහය අසලින් ඉවත්කර ගැනීමට මහත් පරිශ්‍රමයක් දරන්නට සිදු වුවත් එය කළ යුතුම දෙයක් වූයේ වෛද්‍ය උපදෙස් මතය. අවාසනාවන්ත සිදුවීම තලාතුඔයම කම්පාවට ලක් කළ බව සදහන්ය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com