master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරන ගැසට් නිවේදනයට ජනපති අත්සන් තබයි


2017-12-09 09:28:08 -  686 යි

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කෙරෙන ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් තබා තිබෙනවා.

ඊයේ (08) දිනයේත් දුම්රිය වර්ජකයින් සමඟ සාකච්ඡා පැවැත්වුවද එය අසාර්ථ වීම නිසා ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවයි ජනාධිපති ලේකම් කාර්යාලය පැවසුවේ.

ජනතාවට දිගින් දිගටම සිදුවන අසීරුතාව සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා මෙම තීරණය ගත් බව සඳහන්.

කෙසේ වෙතත් අදාළ ගැසට් නිවේදනය තමන් වෙත තවමත් ලැබී නොමැති බවයි රජයේ මුද්‍රණාලය කියා සිටියේ.

මේ අතර අදාළ ගැසට් නිවේදනයට එරෙහිව තමන් ජාත්‍යන්තර කම්කරු සංවිධානය හමුවේ පැමිණිල්ලක් ගොණු කරන බව දුම්රිය පාලකවරුන්ගේ සංගමය කියා සිටියා.

එහි සභාපති ලාල් ආරියරත්න පැවසුවේ මෙම ගැසට් නිවේදනය තම මුලික අයිතිවාසිකම් උල්ලංඝණය කරන්නක් බවයි.

තම ඉල්ලීම් සදහා යහපත් ප්‍රතිචාරයක් ලැඛෙන තෙක් සේවයට වාර්තා නොකරන බවයි නෙත් නිවුස් කළ විමසීමේදී ඔහු වැඩිදුරටත් කියාසිටියේ.

දුම්රිය සේවකයන්ගේ මෙම වැඩවර්ජනය හේතුවෙන් ඊයේ සහ පෙරේදා දින දෙකේම දුම්රිය ධාවනයට බාධා සිදු වුණා.

අද (09) දිනයේද සේවයට වාර්තා කර ඇත්තේ දුම්රිය සේවකයන් සීමිත ප්‍රමාණයක් බවයි නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙළි වුණේ.

කෙසේවෙතත් පෙරවරු 9 වනවිට විවිධ ප්‍රදේශවල සිට දුම්රිය 9 ක් කොළඹට ළඟාවනු ඇතැයි දුම්රිය පාලක මැදිරිය පැවසුවා.

සාමාන්‍ය දිනකදී පෙරවරු 9 වනවිට විවිධ ප්‍රදේශවල සිට කොළඹට ළඟාවන දුම්රිය ගණන 53 ක්.

අද (09) පෙරවරුවේ කොළඹ සිට විවිධ ප්‍රදේශවලට ධාවනය කිරීමට නියමිත දුරගමන් දුම්රිය සියල්ලද අවලංගු කිරීමට සිදුව තිඛෙනවා.

කෙසේවෙතත් අලූයම 5.45 ට අනුරාධපුර සහ යාපනය බලා ධාවනය කිරීමට තිබූ වායුසමනය කළ දුම්රියේ සහ උදෑසන 7 ට කොළඹ සිට මහනුවරට ධාවනය කිරීමට නියමිතව තිබූ නගරාන්තර දුම්රියේ ප්‍රවේශපත්‍ර මිළදීගත් මගීන් සඳහා සුඛෝපභෝගි බස්රථ යොදවා තිබෙන බවයි දුම්රිය පාලක මැදිරිය පැවසුවේ.

සෙසු දුම්රිය සදහා ආසන කලින් වෙන්කරවා ගත් මගීන්ට ප්‍රවේශපත්‍ර සඳහා ගෙවූ මුදල් මෙම වැඩවර්ජනයෙන් පසුව ආපසු ලබාගත හැකි බවද මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com