master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පාසල් දරුවාගේ කකුල පැය බාගයක් තිස්‌සේ පදික වේදිකාවේ කම්බි අතර සිරවෙලා...!


2017-12-09 09:19:24 -  729 යි

ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්ට ජනතාවගෙන් දෝස්‌ මුරයක්‌

girlවැල්ලවාය මහජන පොළ භූමියේ නිසි අයුරින් පදික මාරුවීම් හා පදික මාර්ග සකසා නොමැති නිසා සතිපතා පොළට පැමිණෙන මහජනතාව හා වෙළෙදුන් විවිධ අපහසුතාවට ලක්‌වෙයි. ඊයේ (8 දා) මල්වත්තාවල පාසලේ වයස අවුරුදු 7 ක පමණ දරුවකු තම මව සමග පොළට පැමිණි වෙලාවේ එම දරුවාගේ කකුලක්‌ අසල තිබූ කාණුවක කම්බිපල සිරවීමෙන් පැය භාගයකට ආසන්න කාලයක්‌ මහත් වෙහෙසක්‌ දරා කම්බි කපා සිරවූ කකුල එළියට ගෙන තිබේ. දරුවා වැල්ලවාය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදී ඇත.

මෙලෙස නිවැරදි ලෙස පදික වේදිකාව සකසා නොතිබීමට වගකිව යුත්තේ වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් බව මහජනතාව පවසති. තවත් අනතුරක්‌ වීමට පෙර මෙය ඉක්‌මනින් සකසන්නැයි එම පොළේ වෙළෙන්දෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com