master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මින්නේරියේ කතිර දළ ඇතාත් අතුරුදන්


2017-12-08 12:00:12 -  774 යි

ගල්ගමුව දළ පූට්ටුවා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ පැමිණිල්ල මෙහෙයවීමට නීතිපති දෙපාර්තමේන්තුව විශේෂ පියවරක් ගෙන තිබේ.

පැමිණිල්ල මෙහෙයවීමට ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්

ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඒ සඳහා යෙදවීමට වැඩබලන නීතිපති සහ අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා තීරණය කර තිබේ.

දැනට දළ පූට්ටුවාගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් වැඩිදුරටත් සිදුකළ ඉල්ලීමක් සලකා බලමින් වැඩබලන නීතිපතිවරයා විසින් ඒ සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පත්කර තිබේ.

ගල්ගමුවේ දළ පූට්ටුවා ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් දස දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කතිර දළ ඇතා කෝ?

මේ අතර, මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සැරිසරන කතිර දළ ඇතා නොහොත් මහසෙන් දළ පූට්ටුවා අතුරුදන්වී ඇති බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරන බව පරිසර සංවිධාන පවසයි.

මීට පෙර ඇතැම් වාර්තා පළ වූයේ කතිර දළ ඇතා ද ජාවාරම්කරුවන්ගේ ගොදුරක් බවට පත්වන්නට ඇති බවය.

මීට මාස 08 කට පමණ පෙර සිට කතිර දළ ඇතා නොහොත් මහසෙන් අවසන් වරට මින්නේරිය ජාතික වනෝද්‍යානයේදී දැක ගන්නට ලැබී ඇති බව ප්‍රදේශවාසීන් සඳහන් කර තිබේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com