master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ලේලියට අතවර කළ සිද්ධිය පුතා දැනගත්තැයි ලඡ්ජාවට පත් කපුවා දේවාලේදීම එල්ලෙයි


2017-12-08 07:47:52 -  926 යි

ගම්පොල - සුරංග දිල්හාන්
 
 දේවාලය තුළදී තම ලේලියට අතවර කිරීමට ගිය කපු මාමාගේ කෙරුවාව පුතාට අනාවරණය වීම නිසා ලැඡ්ජාවට පත් එම කපුවා දේවාලය තුළම ගෙල වැලලාගෙන සිය දිවි හානි කරගෙන ඇති සිද්ධියක්‌ ගම්පොළ වත්තේහේන ප්‍රදේශයේ පැවැති හදිසි මරණ පරීක්‍ෂණයේදී අනාවරණය විය. සිද්ධියෙන් මිය ගොස්‌ ඇත්තේ තිදරු පියෙකි.
 
 වැඩිමහල් පුතුගේ 22 හැවිරිදි බිරිඳ දේවාලය අතු ගා අස්‌කිරීමට ගිය අවස්‌ථාවේ කපු මාමණ්‌ඩිය ඇයට අතවර කිරීමට සූදානම් වූ අවස්‌ථාවේ ඇය කෑ ගසා ඇති බව මරණ පරීක්‍ෂණයේදී අනාවරණය විය.
 
 එම අවස්‌ථාවේ ඇගේ සැමියා නිවසේ වඩු වැඩක නිරත වී සිට ඇති අතර බිරිඳගේ කෑගැසීම ඇසී දේවාලය තුළට යන විට සිද්ධිය දැක පියාට පහර දී බිරිඳටත් පහරක්‌ දී බිරිඳ රැගෙන නිවසට ගිය බවද සාක්‍ෂිවලින් අනාවරණය විය.
 
 පසුව මෙම යුවළ නිවසින් පිටව යන බව පවසා ඒ සඳහා සූදානම් වන විට මොහුගේ පියා උඹලා යන්න එපා මම යන්නම් පවසා දේවාලය තුළට ගොස්‌ ගෙල වැලලාගෙන මිය ගොස්‌ ඇත.
 
 සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත් වූ ගම්පොල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එම්. බී. නිලකුමාර මහතා මෙම මරණය ගෙල වැලලා ගැනීමෙන් සිදු වූ සිය දිවි හානිකර ගැනීමක්‌ බව වාර්තා කොට තිබුණි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com