master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ගල්කිස්‌සේ සුපිරි ගණිකා නිවසේ - කළමනාකාරිණිය ඇතුළු 7ක්‌ කොටු උන හැටි


2017-12-08 07:28:03 -  365 යි

ඥනතිස්‌ස ජයවර්ධන - බොරලැස්‌ගමුව
 
 දෙස්‌ විදෙස්‌ සංචාරකයන් ඉලක්‌ක කරගෙන ගල්කිස්‌ස සංචාරක පුරවරයේ පවත්වාගෙන ගිය ගණිකා නිවසක්‌ වටලා එහි කළමනාකාරිණිය ඇතුළු කාන්තාවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්‌ස දූෂණ මර්දන අංශය පවසයි.
 
 වයස අවුරුදු 28 ත් 38 ත් අතර පසුවන සැකකාරියන් ගම්පහ, සීදුව, බලංගොඩ,බදුල්ල සහ අනුරාධපුර යන ප්‍රදේශවල පදිංචි වූවන් බව පොලිසිය හඳුනාගෙන ඇත.
 
 මොවුන් උසස්‌ පෙළේ රැකියා කරන මුවාවෙන් අගනුවර ප්‍රදේශයේ මෙලෙස අනාචාරයේ හැසිරෙමින් විශාල මුදල් ප්‍රමාණයක්‌ නිවෙස්‌වලට යවන බවද පොලිස්‌ ප්‍රශ්න කිරීමේදී හෙළිවී තිබේ. දෙමහල් නිවසක ඉහළ මාලයේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්‌ථානයක්‌ ලෙස පවත්වාගෙන ගොස්‌ ඇති මෙම ස්‌ථානය වටලන ලද අවස්‌ථාවේ වෛද්‍යවරයෙක්‌ හෝ එයට අදාළ කිසිදු ලියවිල්ලක්‌ එහි නොතිබූ බවත් පොලිසිය සඳහන් කරයි. රුපියල් 1500 සිට 10,000 දක්‌වා මිල ගණන්වලට කාන්තාවන් අලෙවි කර ඇති මෙම ස්‌ථානය පිළිබඳව ලැබුණු තොරතුරක්‌ නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව රුපියල් 1500 ක්‌ ගෙවා පොලිස්‌ උපායදූතයකු යොදවා මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත. සැකකාරියන් 30 වැනි දින ගල්කිස්‌ස මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. ගල්කිස්‌ස මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක රොහාන් පුෂ්පකුමාර මහතාගේ උපදෙස්‌ මත දූෂණ මර්දන ඒකකයේ ස්‌ථානාධිපති උ.පො.ප. සංජීව සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් පොලිස්‌ කොස්‌තාපල් සම්පත් (72315), අරවින්ද (81989), චාමික (82071), කුමාර (84206), කා.පො.කො. කුමාරී (7324), ක්‍රිෂ්ණාමානී (9901) යන කණ්‌ඩායම මෙම වැටලීමට සහභාගි වී ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com