master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

ආසියාවේ කළු සිංහයා, ලුෂන් පුෂ්පරාජ් මිස්ටර් ඇට්ලස් ලෝක ශූර කිරුළ දිනන සටන අරඹයි


2017-12-07 10:45:45 -  279 යි

 ආසියාවේ කළු සිංහයා යන විරුදාවලිය ලත්, 2017 ආසියානු සමස්ථ කායවර්ධන ශූරතාවය දිනූ ලුෂන් පුෂ්පරාජ් පසුගිය නොවැම්බර් මස 26 වන දින ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට පැමිණි අතර , මේ දින වල ඔහුගේ  පුහුණුවීම් සැසි වලට සහභාගී වෙමින් සිටී. 

08 වතාවක් Mr.Olympia ලෙස අභිෂේක ලත් Ronnie Coleman නැමති ලෝක පූජිත කායවර්ධන ශූරයාගේ ආලින්ටන් නගරයේ පිහිටි Metroflex කායවර්ධන මධ්‍යස්ථානයෙහි ලූෂන් පුෂ්පරාජ් තම පුහුණු අභ්‍යාස සිදුකරමින් සිටින අතර මෙය ලංකාවේ පමණක් නොව ලෝකයේ කායවර්ධන ශූරයෙකුට පවා ජීවිතයේ ලැබෙන ඉතාමත් දුර්ලභ අවස්ථාවකි.

2013 මිස්ටර් ශ්‍රී ලංකා කිරුළ පළඳා අවුරුදු 03 ක් පමණ විදේශගතව කාය වර්ධන අභ්‍යාස වල නියැලුනු ලුෂන් බොහෝ අගහිඟකම් මධ්‍යයේ  ඔහුගේ කුවේට් ජාතික අනුග්‍රාහකයා සමග 2017 වසරේ ආසියානු කාය වර්ධන තරඟාවලියට සහභාගි වන ලදී.

ඒ වන විට එම තරඟාවලියට රටවල් 26 ක  කායවර්ධන ශූරයන්  361 වැන්නෙක් තරගවැදී ඇති අතර එහි කිරුළ වසර 50 ක් පුරාවට නොකඩවා දිනාගෙන තිබුනේ ඉරානය විසිනි. නමුත් 2017 වසරේ කවුරුත් නොසිතූ නොපැතූ අයුරින් ලූෂන් පුෂ්පරාජ් නම් වූ ශ්‍රී ලංකාවේ අසහාය ක්‍රීඩකයා සමස්ථ තරඟාවලියේම ආසියාතික ජයග්‍රාහකයා බවට පත්විය. එතැන් සිට ඔහුට මල් මාලා රතු පලස් වෙනුවට ලැබුනේ දරුණු කෙනෙහිලිකම්ය. ඔහුගේ  දියුණුව හා ජයග්‍රහණයන් නොඉවසූ කාය වර්ධන සම්මේලනයේ නිහාල් හා කපිල නැමැති ඊරිසියාකාර ගඳ ගහන පංචස්කන්ධ දෙක ලූෂන් ශ්‍රී ලංකාවේ තහනම් ක්‍රීඩකයෙකු බවත් එම තරඟාවලිය තහනම් තරඟාවලියක් බවත් පුවත්පත් වලින් පවා ප්‍රචාරය කරමින් ඔහු ලබාගත් ජයග්‍රහණය ආපසු හැරවීමට සියළු උත්සාහයන් දරණ ලද බව රටට නොරහසකි.  

එදා ඔහු ආසියාවේ ශක්තිමත්ම කාය වර්ධන ශූරයා ලෙස ඔටුනු පළඳා  තම මබ්බිමට පැමිණෙන විට ඔහුව පිළිගැනීමට පැමිණ සිටියේ ශ්‍රී ලාංකික සාමාන්‍ය ජනතාව පමණි. ආසියාව දික්විජය කළ මෙම ශූරයා වෙනුවෙන් රජය හෝ ක්‍රීඩා අමාත්‍යංශය  මුනිවත රකින විට මෙම ශූරයා රට වටා යන සෑම තැනකම ඔහුව රජෙක් ලෙස පිළිගත්තේ සාමාන්‍ය රසික ජනතාව පමණි. 

ඔහුට කිසිදු තරඟ තහනමක් නොමැති බවත් එම තරඟාවලිය ජාත්‍යන්තරය පිළිගත් තරඟාවලියක් බව දැන් ඔප්පු වී හමාරය. 

ලංකාවේ කාය වර්ධන සම්මේලනයේ නිළධාරීන් ඔහුට කෙනෙහිලිකම් කළ නමුත් ඔහුව දිරිගන්වමින් ඔහුගේ අනාගතය ජයග්‍රහණය කරන්නට මව්බිමින් එහා ඇසක් ඔහු දෙසට යොමු විය. ඒ අන් කිසිවෙකු නොව ඇමරිකාවේ ශ්‍රී ලංකාවේ නම රැන්දූ ව්‍යාපාරිකයෙකු වන රියෝකොකෝ අධිපති ෂාන් හැළඹ මහතා ය. හැළඹ මහතා විසින් ඇමරිකා එක්සත් ජනපදයේ ග්ලෝබල් බොඩිබිල්ඩින් සම්මේලනයේ නිළධාරීන් ද සමග ඔහුට ඇමරිකා එක්සත් ජනපදයේ, ආලින්ටන්හි දෙසැම්බර් 09 වන දින පැවැත්වෙන තරඟාවලියට සහභාගි වීමට ආරාධනා කරමින් ඔහුගේ ජයග්‍රාහී ගමන් මගේ මුල්ම පියවර තැබීමට අවස්ථාව සලසා දෙන ලදී. 

ඒ සමඟ ඇමරිකාව බලා යාමට වීසා ඉල්ලූම් කළ ලූෂන්ට වීසා බලපත්‍ර නොලැබී ගියේය. ඒ නැවතත් ඔහුට විරුද්ධව කාය වර්ධන සම්මේලනයේ නිළධාරීන් පිරිසක් ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයට ගැසූ පෙත්සමකට අනුව ය. නමුත් ඔහුගේ අනුග්‍රාහකය ෂාන් හැළඹ මහතාගේ දැඩි උත්සාහය මත දෙවන වරට ඉදිරිපත් වී වීසා ලබා ගත් ලුෂන් පුෂ්පරාජ් සිංහ ධජයත් රැගෙන ඇමරිකාව බලා පිටත් වූයේ මව්බිමට කීර්තියක් අත් කර දීමේ පරම අභිලාෂය සමගිනි.

මේ වන විට ඔහු ඉතාම හොඳ සෞඛ්‍යය තත්වයෙන් පසුවන අතර ලෝක පූජිත ඇමරිකානු ජාතික Big-J  කාය වර්ධන පුහුණුකරු සමඟ පුහුණු අභ්‍යාස වල නියැලෙමින් සිටී. ප්‍රථම තරඟය දෙසැම්බර් 09 වන දින ආලින්ටන් නගරයේ ආලින්ටන් සම්මේලන මධ්‍යස්ථානයේ (Arlington Convention Center)  පෙ.ව.10.00 සිට පෙ.ව.11.00  දක්වා පැවැත්වෙන අතර අවසන් මහා තරඟය එදිනම ඇමරිකාවේ වේලාවෙන් ප.ව.03.00 ට පැවැත්වේ. මෙය ශ්‍රී ලංකාවේ වෙලාවෙන් දෙසැම්බර්  10 වන ඉරිදා දින පෙ.ව.03.30 ට පමණ වන අතර මෙම තරඟාවලිය www.gboonline.com වෙබ් අඩවිය හරහා සජීවීව නැරඹිය හැකිය. 

මෙම තරඟාවලිය සඳහා ඇමරිකා එක්සත්  ජනපදය ඇතුළු ලොව රටවල් 08 ක ලෝක පූජිත කායවර්ධන ශූරයින් සහභාගී වීමට නියමිත ය. ඔවුන් සියළු දෙනාම දෙසැම්බර් මස 08 වන  දින වනවිට ටෙක්සාස්හිි ආලින්ටන් නගරයට සම්ප්‍රාප්ත වන බව තරඟ සංවිධායකයින් පවසයි. ශ්‍රී ලාංකික කායවර්ධන ශූරයෙක් ඇමරිකාවේ දැවැන්තම කායවර්ධන තරඟාවලියකට සහභාගි වන ප්‍රථම අවස්ථාව මෙය වේ.

විවිධ තරාතිරම් වල ඔහුගේ රසිකයින්ගෙන් ඔහුට දිනපතා සුබ පැතුම් ගලා එන අතර ඇමරිකාවේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින් දහස් ගණනක් දෙසැම්බර් 09 වන දින වනවිට ඔහුව දිරිගැන්වීමට ආලින්ටන් නගරයට පැමිණීමට දැනටමත් ප්‍රවේශපත්‍ර වෙන්කර ගනිමින් සූදානමින් සිටින බව ටෙක්සාස් ආරංචි මාර්ග සඳහන් කරයි. 

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සේහින්ස් ලින්ක් ජාත්‍යන්තර සමාගමේ (Ceyhinz Link International Inc) පූර්ණ අනුග්‍රාහක දායකත්වයෙන් ලුෂන් පුෂ්පරාජ් මෙම තරඟාවලියට සහභාගි වේ.

මිස්ටර් ඇට්ලස් -2017 කුසලානය ජයග්‍රණය කරන්නට ශ්‍රී ලංකාවේ ලූෂන් පුෂ්පරාජ්ට හැකි වේවා යි ඊතලය නිවුස්හි මිලියන සංඛ්‍යාත පාඨක සමූහයාද එක සිතින් සුබ පතනු ඇත. 


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com