master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

කුඩාවැල්ල බැංකුවට පැන්නේ දකුණේ පාතාල කල්ලියක්‌


2017-12-07 09:57:58 -  175 යි

තංගල්ල කුඩාවැල්ල රජයේ බැංකුවකට කඩාවැදී රුපියල් පනස්‌ හය ලක්‌ෂ හැත්තෑ දහසක්‌ කොල්ලකාගෙන පලා ගිය සන්නද්ධ කණ්‌ඩායම දකුණේ පාතාල කල්ලියකට සම්බන්ධ පිරිසක්‌ බවට පොලිස්‌ විමර්ශනවලින් හෙළි වී ඇත.

මෙම කොල්ල කල්ලිය අත්අඩංගුවට ගැනීම සඳහා තංගල්ල මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක ලලිත් හෙට්‌ටිආරච්චි මහතාගේ අධීක්‌ෂණයෙන් යුත් විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් පහක්‌ විමර්ශන පවත්වාගෙන යයි.

සන්නද්ධ කොල්ලකරුවන්ගේ වෙඩි ප්‍රහාරයට ලක්‌ව තුවාල ලැබූ ගනුදෙනුකරුගේ තත්ත්වය බරපතළ නොවන බව ද රෝහල් ආරංචි මාර්ග පැවසීය.

මුදල් කොල්ලකාගෙන පලාගිය සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් පදිංචි ස්‌ථාන කීපයක්‌ පොලිසිය විසින් පරීක්‌ෂා කළ ද සැකකරුවන් එම ස්‌ථාන අතහැර පලාගොස්‌ ඇතැයි පොලිස්‌ ආරංචි මාර්ග කීය.

හේමන්ත රන්දුණු

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com