master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

මහවිරු සොහොන උද්භිද උද්‍යානයක් වෙයි


2017-12-05 15:35:05 -  223 යි

යුද්ධයේදී මියගිය එල්.ටි.ටි.ඊ සාමාජිකයින් මිහිදන්කර ඇති කිලිනොච්චිය , කනකපුරම්හි මහ විරු සොහොන ප‍්‍රතිසංස්කරණය කිරීමෙන් පසු කනකපුරම් උද්භිද උද්‍යානය ලෙස නම් කිරීමට කිලිනොච්චිය කරච්චි ප‍්‍රදේශිය සභාව විසින් තීරණයකොට තිබේ.
 
පසුගිය නොවැම්බර් 27 වැනිදා මහවිරු දිනය සැමරීම නිමිත්තෙන් කිලිනොච්චිය දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රි එස්.ශ‍්‍රීදරන් මහතාගේ විමධ්‍යගත අරමුදල යටත් රුපියල් ලක්ෂ 40 වියදමින් මහවිරු සොහොන ප‍්‍රතිසංස්කරණය ඇරඹූ අතර එහි තිබූ එල්.ටි.ටි.ඊ සාමාජිකයින්ගේ සොහොන් කොත් 97 යළි සැකසීමටද කටයුතු යොදා තිබිණ.
 
කරච්චි ප‍්‍රදේශිය සභාව හා කිලිනොච්චිය ප‍්‍රදේශිය ලේකම් කාර්යාලයේ අවසරය මත මෙම මහ විරු සොහොන ප‍්‍රතිසංස්කරණය ආරම්භ කරනු ලැබූ අතර එහි තාප්පය පමණක් ඉදිකොට උද්භිද උද්‍යානය ලෙස නම්කොට තිබේ.
 
මන්ත‍්‍රිවරයකුට ලබාදෙන විමධ්‍යගත ප‍්‍රතිපාදන භාවිතා කොට එල්.ටි.ටි.ඊ සංවිධානයේ සොහොන් බිමක් පිළිසකර කිරීම පිළිබඳ  අගමැතිවරයා  කිලිනොච්චිය දිස්ත‍්‍රික් ලේකම් සුන්දරන් අරුමෙයිනායගම් මහතාගෙන් වාර්තාවක් කැඳවීමත්  සමඟ එය උද්භිද උද්‍යානයක් ලෙස නම්කොට ඇති බව කිලිනොච්චිය දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.


කනකපුරම් මහ විරු සොහොන උද්භිද උද්‍යානයක් ලෙස නම්කොට තිබේ දැයි   කරච්චි ප‍්‍රාදේශිය ලේකම් එස්.තම්සනාදන් මහතාගෙන් කළ විමසීමේදී ඔහු පවසා සිටියේ අදාල ස්ථානය කරච්චි ප‍්‍රදේශීය සභාවට අයත් බැවින් කිලිනොච්චි  සංවර්ධන කමිටු රැස්වීමේදී ගත් තීරණයකට අනුව උද්භිද උද්‍යානයක් ලෙස නම්කොට ජනතාව වෙනුවෙන් විවෘත කිරීමට සූදානම් වන බවයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com