master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

අම්මා බැන්නැයි කියා 14 හැවිරිදි පුතා කාමරය තුළ දිවි නසා ගනියි


2017-12-05 10:18:56 -  211 යි

අම්මා බැන්නැයි කියා පුතෙකු දිවි නසාගැනීමේ පුවතක් මැදවච්චියෙන් වාර්ථා වෙයි. මැදවච්චිය, දුටුවැව ඇටවීරගොල්ලෑව ප්‍රදේශයේ දී 14 දරුවෙකු මෙලෙස සියදිවි නසා ගෙන ඇත.
ඊයේ (03) සවස අම්මා සමඟ ඇතිවු කතා බහක් දුර දිග යෑමෙන් අම්මා බැන වැදීම නිසා මෙලෙස දරුවා කාමරය තුළ ට ගොස් දිවි තොරකරගෙන ඇත.
දරුවා රෝහල වෙත රැගෙන යන විටත් මිය ගොස් සිටි බවත් මේ වන විට මෘත ශරීරය මැදවච්චිය රෝහලේ තැන්පත් කර ඇති බවත්ො පැවසේ.
පුහුදිවුල විද්‍යාලයේ ඉගෙනුම ලබා ඇති මෙම දරුවාට තවත් සොහොයුරියන් දෙදෙනෙකු සිටියි.
මෙලෙස මවුපියන් තරවටු කර අවවාද දුන් විට බල වයස් දරුවන් සිය දිවි නසා ගැනීම මේ වන විට රැල්ලක් වී ඇත.
පසුගිය දිනක මේ අයුරින්ම 10 හැවිරිදි දැරියක් දිව තොර කර ගත් අතර දරුවන් කීප දෙනකු නිවසින් පැන ගිය අවස්ථාද වාර්තා විය.
මේ අවාසනාවන්ත ප්‍රවනතාව සමාජයෙන් දුරු කිරීමට මවුපියන්, ගුරුවරුන්, ආගමික නායකයින් මෙන්ම සමාජයේ වගකිව යුතු පුද්ගලයින් කඩිනමින් ක්‍රියා මාර්ග ගත යුතුව ඇත.
නො එසේ නම් මේ මවගේ මෙන් තවත් මවුවරු සිය ගණනකගේ කඳුළු බැලීමට හෙට දිනයේ අපට සිදු වනු ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com