master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

අඟහරුවාදා සහ බදාදා යළිත් සුලි කුණාටු සියලු දෙනා අවදානයෙන් සිටින්න කරුණාකර SHARE කරන්න


2017-12-04 15:02:27 -  267 යි

ඉන්දුනිසියාව දෙස සිට වර්ධනය වෙමින් පවතින පීඩන අවපාතයක් නිසා ලබන අඟහරුවාදා (05) බදදා (06) දින වල රට තුළ තද වැසි සහ සැඩ සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එහි බලපෑම පිළිබඳව දැනට නිශ්චිත අනාවැකියක් කිව නොහැකි මුත් මෙම පීඩන අවපාතය බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය තුළ සක්‍රීය වීම හේතුවෙන් ඉහත දෙදින තුළ ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ වලට වැඩි බලපෑමක් එල්ලවිය හැකි බව පවසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම දිනවල නාවුක සහ ධීවර කටයුතු වලින් වලකින ලෙසත් කාලගුණය පිළිබඳව දැඩි ලෙස විමසිලිවත් වන ලෙසත් ඉල්ලා සිටී.

ඉන්දියාවේ නිරිත දිග ප්‍රදේශයට ඇතුළු වූ ඕකි සුළි කුණාටුව හේතුවෙන් ලක්ෂද්වීප් දිවයිනේ 14 දෙනකු මියගොස් තවත් බොහෝ පිරිසක් අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.

මියගිය හා අතුරුදන්ව ඇති බොහෝ දෙනා ධීවරයන් බව ජාතික ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි. වෙරළාරක්ෂක භටයින්ගේ හා නාවුක හමුදාවේ උපකාරය ඇතිව අනතුරට පත් වූ 223දෙනකු බේරා ගත් බව ද ඔවුහු තවදුරටත් පවසති.

සුළි කුණාටුවේ බලපෑමට ලක්වන ප්‍රදේශයේ දහස් ගණනක් පිරිස ඉවත් කරනු ලැබ ඇත.

ඉදිරි පැය 48 ඇතුළත ඕකි සුළි කුණාටුව මුම්බායි සහ ගුජරාටි නගර වලට ඇතුළු වීමට නියමිතව ඇති බව ඉන්දීය කාළගුණික අංශ පවසයි.

ඔවුන් වැඩිදුරටත් පවසන්නේ එම ප්‍රදේශ වලට ගමන් කරන විට සුළි කුණාටුවේ බලපෑම අඩුවනු ඇති බවයි.

දිවයින ආශ්‍රිතව වර්ධනය වූ ඕක්හි සුළි කුණාටුවේ බලපෑමෙන් හටගත් අධික වර්ෂාව සහ තද සුළං තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් හත්දෙනෙක් මියගොස් තවත් පුද්ගලයන් පස්දෙනෙක් අතුරුදන් වී සිටියහ. 26 දෙනෙක් තුවාල ලැබූහ. මේ හේතුවෙන් ප්‍රදේශ රැසක පවුල් 4886ට අයත් පුද්ගලයන් 20,000ට ආසන්න පිරිසක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය. මේ හේතුවෙන් තවත් පවුල් 179ක 1036ක් අවතැන් වී ඇති අතර ඔවුහු ආරක්ෂිත ස්ථාන 9ක තාවකාලිකව රඳවා සිටිති.

කොළඹ සිට හම්බන්තොට වෙරළ ප්‍රදේශ හා බදුල්ල නුවරඑළිය ඇතුළු දිස්ත්‍රික්ක දොළහකට බලපා තිබූ මෙම ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 202 මුළුමනින් විනාශ වී ඇති අතර තවත් නිවාස 3250 අර්ධ ලෙස හානි වී ඇත. සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ස්ථාන 676ටද හානි වී තිබූ අතර මෙම සංඛ්‍යාව තවත් ඉහළ යාමට ඉඩ ඇත.

දිවයින ආශ්‍රිතව පෙරේදා (29) වර්ධනය වූ පීඩන අවපාත තත්ත්වයන් සමග සුළඟේ වේගය පැයට කිලෝමීටර 80ත් 90ත් අතර වේගයකින් වැඩි වූ අතර ඒ හේතුවෙන් ප්‍රදේශ රැසක ගස් කඩා වැටීමෙන් මාර්ග රැසක් අවහිර වී තිබිණි.

කොළඹ, ගාල්ල, කළුතර, පිළියන්දල, බණ්ඩාරගම, මාලඹේ, කොට්ටාව, මාතර, බදුල්ල, බණ්ඩාරවෙල, මාත‍ලේ ඇතුළු ප්‍රදේශ ගණනාවක මේ හේතුවෙන් විදුලිය බිඳවැටීම්ද වාර්තා වී තිබිණි. ගස් කඩා වැටීම නිසා ප්‍රදේශ ගණනාවක නිවාස හා ගොඩනැගිලි ලක්ෂ අටක පමණ විදුලිය බිඳවැටී ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර ස්ථාන කිහිපයක පස් කඳු කඩා වැටීම් වාර්තා වූ අතර ඒ හේතුවෙන් එක් පුද්ගලයෙක් මියගිය අතර පවුල් 6ක් තාවකාලිකව ඔවුන්ගේ නිවාසවලින් ඉවත් කර තිබිණි.

බදුල්ල, හාලිඇල, බෝගහමඩින්න, බකිනිගොල්ල ආදි ප්‍රදේශවල පස්කඳු කඩා වැටීම් වාර්තා වී තිබූ අතර, ඉදල්ගස්හින්න දුම්රිය මාර්ගය මතට ගල් පෙරළී ගොස් ඇත. ඊට අමතරව මාත‍ලේ, මහනුවර නගර ආශ්‍රිතවද පස් කඳු කඩා වැටීම් වාර්තා වූ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් අංශයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිලක මහතා පැවැසීය.

මහනුවර මැදදුම්බර හා දුනුවිල ප්‍රදේශවලත් බණ්ඩාරවෙල ප්‍රදේශයේත් මෙලෙස පස් කඳු කඩා වැටී ඇත. බණ්ඩාරවෙල කහතේවල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීම නිසා එක් පුද්ගලයෙක් මියගොස් ඇත.

මේ අතර මාත‍ලේ, මහනුවර, බදුල්ල, රත්නපුර, ගාල්ල, මාතර හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට අදාළව බලපා තිබූ නායයාමේ අවදානම තවදුරටත් පවතින බැවින් එම ප්‍රදේශවල ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව ලක්සිරි ඉන්ද්‍රතිලක මහතා පැවැසීය. තද සුළං හේතුවෙන් මාර්ගය ආසන්නයේ ඉදිකර තිබූ නාම පුවරුද විශාල ප්‍රමාණයක් කඩා වැටී තිබුණි.
මේ අතර ඊයේ (30) අලුයම මීගමුවේ සිට ධීවර කටයුතු සඳහා පිටත් වූ බහුදින ධීවර යාත්‍රා පෙරළීමෙන් අනතුරට පත්වූ ධීවරයන් සොයා ඊයේ (30) සවස වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මක වී තිබිණි.
පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඌව, බස්නාහිර, දකුණ හා මධ්‍යම පළාත්වල සියලු පාසල් ඊයේ (30) දිනය තුළ වසා දැමීමටත්, එදින පැවැත්වීමට නියමිත වූ වාර විභාග කල් දැමීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබිණි.
මේ අතර හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයේ ප්‍රවේශ මාර්ග හා අභ්‍යන්තර මාර්ගවලට පස් කඳු කඩා වැටීම නිසා එහි ගමන් ගැනීම අනතුරුදායක බවත්, ප්‍රවේශ මාර්ගවල වැසි ජලය පිරීම හේතුවෙන් යාල වනෝද්‍යානයේ කලාප අංක 2 කොටස තාවකාලිකව වසා දැමීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

ඔක්හි සුළි කුණාටුව ඊයේ (30) සවස වන විට කොළඹ සිට කි.මී. 400ක් පමණ දුරින් බස්නාහිර දෙසින් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් තිබිණි. එම නිසා අද (1) වන විට පැවැති අයහපත් කාලගුණික තත්ත්වයේ යම් අඩුවීමක් බලා‍පොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා කීය.

කෙසේ වෙතත් ඊයේ (30) උදෑසන 8.30න් අවසන් වූ පැය විසිහතර තුළ මේ හේතුවෙන් මිලිමීටර 185කට වැඩි වර්ෂාපතනයක් බණ්ඩාරවෙල පූනාගල වත්ත ප්‍රදේශයට ලැබි තිබිණි. තවත් ප්‍රදේශ ගණනාවකට මිලිමීටර 100ට වැඩි වර්ෂාපතනයක් ලැබි තිබිණි.

අද (1) දිනයේදීත් බස්නාහිර හා දකුණු මුහුදු ප්‍රදේශ රළු විය හැකි බැවින් ධීවර හා නාවික කටයුතුවල යෙදීම අවදානම් බවද ජනක කුමාර මහතා කීය.

අයහපත් කාලගුණය නිසා කිරිබත්ගොඩ ප‍්‍රදේශයේ සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලැබූ පුද්ගයෙක් මියගොස් තිබෙනවා.

මේ අතර බදුල්ල මඩොල්සිම ප‍්‍රදේශයේදී යතුරු පැදියක් සහ ත‍්‍රීරෝද රථයක් මතට ගසක් කඩාවැටීමෙන් තවත් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

ඔහු මඩොල්සිම මැටිගහතැන්නේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙක්.

අම්බලන්ගොඩ කහව මුහුදු තීරයේ ධීවර කටයුතුවල නියැලෙමින් සිටි බෝට්ටුවක් පෙරලී යාමෙන් එහි ගමන්ගත් පුද්ගලයෙක්ද මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් තිබුණේ හික්කඩුව ප‍්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක් බවටයි වාර්තා වන්නේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com