master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

රට යන ඇත්තන් අනතුරේ- මිනිසුන් රවටා හොර වීසා හා ගුවන් ටිකට් දෙන මහා පරිමාන ජාවාරාමක් මෙන්න


2017-12-04 12:48:41 -  250 යි

විදේශයන් හී නිවාඩු ගත කිරීමට හා වෙනත් සංචාර සදහා ඒජන්සිකරුවන් විසින් ලබාදෙන  වීසා හා ගුවන් ගමන් බලපත්‍ර සම්බන්දයෙන් දැඩි අවධානය යොමු කරණ ලෙස යාපනය පොලීසිය මහ ජනතාවගෙන් ඉල්ලීමක් කොට තිබේ.

යාපනය පුරා සිටින විශාල පිරිසකට නිවාඩු ගත කිරීමට හා කොවිල් වන්දනා කිරීමට ලබාදී ඇති වීසා හා ගුවන් ගමන් බලපත්‍ර ව්‍යාජ ඒවා බව යාපනය පොලීසිය කළ පරීක්ෂණයකදී හෙළි වී තිබේ.

ඒජන්සි කරුවන්ගේ මෙම වංචාවලට හසුවුණු කීප දෙනෙකුම යාපනයේ විවිධ ප්‍රදේශවල පිහිටි පොලිස් ස්ථාන වලට පැමිණිලි කර ඇත.

යාපනය පොලීසියට ඊයේ (3) දා ලැබුණු එක් පැමිණිල්ලක සදහන්ව ඇත්තේ ඉන්දියාවේ සංචාරයක් සදහා පවුලේ තුන්දෙනෙකු වෙණුවෙන් රුපියල් එක්ලක්ෂ විසි අට දහසක් අය කළ  ඒජන්සිකරුවෙකු එම පවුල සදහා ලබා දී ඇති වීසා,හෝටල් වෙන්කිරීම් හා ගුවන් ගමන් බලපත්‍ර යන සියල්ලම ව්‍යාජ ඒවා බවයි.

එම මුදල් වෙණුවෙන් ලබාදී ඇති රිසිට් පත් සියල්ලද ව්‍යාජ ඒවා වන අතර එහි සදහන් ලිපිනයට අනුව එවැනි ඒජන්සියක් නොමැති බවද පොලිසිය සඳහාන් කරයි.

යාපනය පොලීසිය සිද්ධිය පිළිබද පරීක්ෂණ පවත්වන අතර පොලීසිය ඉල්ලා සිටින්නේ නිවාඩු සමයේ අඩු මුදලට ලබාදෙන මෙවැනි විදෙස් සංචාර ගැන දැඩි අවධානයෙන් සිටින ලෙසයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com