master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

උඳුවප් පොහෝ දින දළදා මාලිගාවට අයත් ඉඩමක අඩි 25ක් ගැඹුරු වළක් හාරා, ගලක් විදිමින් සිටි පිරිසකට වෙච්ච දේ - Photos


2017-12-04 11:29:18 -  353 යි

වැටලීම නැවතීමට රුපියල් කෝටි  හතරක කප්පමක් දෙන්න හදලා...

ගලේවෙල  පදිංචි ව්‍යාපාරිකයකු මෙන්ම බැකෝ යන්ත්‍ර අයිතිකරුවෙකුගේ වැඩක්..

දළදා මාලිගාවට අයත් ගලේවෙල එනමල්පොත වහකෝට්ටේ  ප්‍රදේශයේ ඉඩමක මාස කීපයක සිට  නිධානයක් හෑරීම සඳහා විශාල ගලක්  විදිමින්  සිටි පුද්ගලයන් තුන්දෙනෙකු බැකෝ යන්ත්‍රයක් යතුරුපැදියක් හා ගල් විදින මෙවලම් වෙඩි බෙහෙත් ආදී සියල්ල සමග උඳුවප් පොහෝ දින රාත්‍රියේ දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරක් මත පොලිස් නිලධාරීන් උඳුවප් පොහෝ දින රාත්‍රියේ පොද වර්ෂාවේ මෙම ස්ථානය වැටලීමට ලක් කර ඇති බවයි වාර්තාවන්නේ .

පොලිස් කණ්ඩායම් අදාළ ස්ථානය වට කරන විටත් එම පිරිස යාන්ත්‍රික උපකරණ  යොදාගෙන විශාල ගලක් විදිමින් අඩි 25ක පමණ ගැඹුරු විශාල වළක් හාරා ඒ මත දෝනාවක් යමින් නිදන් සොයමින් සිටි බව පොලිසිය පවසනවා.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ  එම  ප්‍රදේශයේම පදිංචි ව්‍යාපාරිකයකු මෙන්ම  බැකෝ යන්ත්‍ර  අයිතිකරුවෙකු සහ මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය පැවසුවේ.

ඔවුන් සතුව තිබී වෙඩි බෙහෙත් මෙන්ම ඩෙටනේටර් , දෙහි එමෙන්ම විදුලි බලයෙන් ක්‍රියාත්මක කරන ගල් විදින සුවිශේෂී වූ යන්ත්‍ර සූත්‍ර  බැකෝ  යන්ත්‍රය ලියාපදිංචි නොකළ අංක තහඩු නොමැති යතුරු පැදියක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

බැකෝ  යන්ත්‍රය හිමිකරු ගලේවෙල ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර ඔහු නිධානය හැරීම සඳහා පැමිණ ඇත්තේ පැය ගනන් කුලියට බවද සඳහන්.

කෙසේ වෙතත් මෙම ස්ථානයේ කැණීම් කටයුතු කරමින් සිටි තවත් පිරිසක් පලා ගිය බවයි පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.

වැටලීම සඳහා පැමිණි දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ද මෙම සිද්ධිය අතහැර දැමීම සඳහා රුපියල් කෝටි  හතරක මුදලක් ලබාදීමට එම ව්‍යාපාරිකයා ඉල්ලීමක් කිරීමත් ස්ථානභාර පොලිස් නිලධාරි වරයා ඇතුළු කණ්ඩායම මුදල් ප්‍රතික්ෂේප කරමින් සියළු දෙනා අත්අඩංගුවට ගැනීමද විශේෂත්වයක්.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් මෙම ස්ථානය වටලා ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් පසු ගලේවෙල පොලීසියට අනියුක්ත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ළඟාවී තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ  භාණ්ඩ  ගලේවෙල පොලිසියට බාරදුන් බව දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් පැවසුවා.













  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com