master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

රත්නපුරේ කුඩා ජල විදුලි බලාගාරයක්‌ නිසා දිය ඇලි 12 ක්‌ සිඳීයන ලකුණු


2017-12-04 10:25:05 -  191 යි

රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ කුඩා පරිමාණයේ ජල විදුලි බලාගාර ඉදිකිරීම නිසා දියඇලි 12 ක්‌ සිඳීයැමේ අවදානමකට ලක්‌ව තිබෙන බව රත්නපුර දිස්‌ත්‍රික්‌ දියඇලි යොවුන් මිතුරු සංවිධානය පෙන්වා දෙයි. බෝපත්, ගොක්‌සින්, දූවිලි, දොඩම්, නිරිඇලි, නාපත්, කිරිඳි, වේවැල්දොළ, බබොංචි, දියවිනි, පුංචි දුන්හිඳ, පරවියන් යන දියඇලි වේ. රත්නපුරය දිස්‌ත්‍රික්‌කයක්‌ ලෙස සැලකීමේදී වැඩිම ජලවිදුලි බලාගාර සංඛ්‍යාවක්‌ ඉදිකර ඇත්තේ ශ්‍රීපාද අඩවියේ ජල පෝෂිත ආශ්‍රිතවය. රත්නපුර කුරුවිට, බලංගොඩ, කලවාන, නිවිතිගල, පැල්මඩුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවල මෙම ජල විදුලි බලාගාර අතරින් වැඩිම ප්‍රමාණයක්‌ ඉදිවී තිබේ. වර්ෂ 2009, 2015 යන වසරවල විදුලි බලාගාර ඉදිකිරීම්වල වැඩිවීමක්‌ දක්‌නට ලැබෙන බව පාරිසරික හා ප්‍රජා සංවර්ධන තොරතුරු මධ්‍යස්‌ථානය පෙන්වා දෙයි.
 
 රත්නපුර දිස්‌ත්‍රික්‌ දියඇලි සංවිධානය කළ පර්යේෂණයකට අනුව ශ්‍රී ලංකාවේ වැඩිම දියඇලි ප්‍රමාණයක්‌ තිබෙන්නේ රත්නපුර දිස්‌ත්‍රික්‌කය තුළ බව අනාවරණය වෙයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com