master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

හිටපු කොටි TNA හරහා මැතිවරණයට


2017-12-04 10:19:26 -  173 යි

පුනරුත්තාපනය ලැබු හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ගෙන් සමන්විත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී විමුක්තිකාමි සටන්කාමි පක්ෂය ඉදිරි මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය සමඟ එක්ව මැතිවරණයට ඉදිරිපත් කිරීමට සුදානමක් පවතින බව ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා පවසයි.

දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ නායකයින් අතර ඊයේ(03) යාපනය පිහිටි ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ජාවකින් අනතුරුව සේනාධිරාජා මහතා මේ බව පවසා ඇත.

එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගෙන් සමන්විත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී විමුක්තිකාමි සටන්කාමි පක්ෂයේ නියෝජිතයින් දෙමළ ජාතික සන්ධානය සමඟ එකතුවීම සම්බන්ධයෙන් වන තීරණය ඉදිරි දින දෙකක කාලය තුළ නිශ්චිවම ප‍්‍රකාශ කරන බවද ඔහු සඳහන් කරයි.

 

දෙමළ ජාතික සන්ධානය තුළ පවතින ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය, ප්ලෝට් සංවිධානය හා ටෙලෝ සංවිධානය වෙනුවෙන් මැතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයින් තෝරා ගැනීම සම්බන්ධයෙන් දසාකච්ජා පවත්ව ඇත.

ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය හරහා ඉදිරිපත් කරන කාන්තා නියෝජනය සම්බන්ධයෙන්ද සාකච්ජා පැවැත්වු බව සේනාධිරාජා මහතා වැඩිදුරටත් පැවසීය.

 

සාකච්ජාවන් වෙනුවෙන් ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා, ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ ලේකම් එස්.තුරෙයිරාජසිංහම් මහතා, ටෙලෝ සංවිධාන ලේකම් එන්.ශ‍්‍රිකාන්ත මහතා, ප්ලොට් සංවිධාන නියෝජිතයින්ද එක්ව ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com