master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

ගෙදර ගිනි අරන් කුඩා ළමුන් ඇතුළු 5ක් පිච්චිලා


2017-12-03 12:27:48 -  170 යි

පොල්ගහවෙල, පනලිය ප්‍රදේශයේ නිවසක හටගත් ගින්නකින් කුඩා ළමුන් ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

 

ඊයේ (02) රාත්‍රියේ මෙම ගින්න හටගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

 

පොල්ගහවෙල පොලීසියට ලද තොරතුරක් මත එම ස්ථානයට ගිය පොලීස් නිලධාරී කණ්ඩායමක් ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමා තිබේ.

 

ගින්නෙන් පිළිස්සුම් තුවාල ලැබූ එම නිවසේ සිටි පිරිමි පුද්ගලයෙකු, කාන්තාවන් දෙදෙනෙකු, සහ ළමුන් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා පොල්ගහවෙල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහල වෙත මාරු කර යවා ඇති බව පොලීසිය පැවසුවේය.

 

ගින්නට හේතුව මෙතෙක් අනාවණය වී නොමැති අතර පොල්ගහවෙල පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com