master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

ජීව අත්බෝම්බ දෙකක් නිල්ලඹින් සොයාගනී


2017-12-02 15:44:18 -  146 යි

ටයිප් අසූදෙක වර්ගයේ ජීව අත්බෝම්බ දෙකක් නිල්ලඹ පරණ හල්ඔය ප්‍රදේශයේ ඉඩමක වලදමා තිබයදි ගලහ පොලිසියේ නිලධාරි කණ්ඩායමක් විසින් ඊයේ 1 රාත්‍රි සොයාගෙන තිබේ.
 
සුදේශ් ධම්මික නැමති පුද්ගලයෙකුට අයත් මෙම ඉඩමේ මාර්ගය දෙසට වන්නට ටින් එකක දමා මෙම ජීව අත්බෝම්බ දෙක වල දමා ඇත.
 
ඉඩමේ අයිතිකරු මේ පිළිබඳව කිසි දෙයක් නොදන්නා අතර මෙම බෝම්බ දෙක මෙතැන කවුරුන් විසින් ගෙනත් වල දැමුවේද යන්න සොයා ගැනීමට පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කොට ඇත.
 
මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගන්නා නියෝගයක් මත ගම්පොල විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් මෙම බොම්බ දෙක අද 2 දින විනාශ කර දැමීමට සූදානම් බව ගලහ පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කලුආරච්චි මහතා ප්‍රකාශ කලේය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com