master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

" මන් කාව ගෙදරට ගෙන්න ගත්තම ඔයාට මොකද?" ‍යන යන තැන අනියම් පුරුෂයන් , සැමියාගේ මල්ලි එක්කත් සම්බන්ධයක් තිබිලා - අනියම් පුරුෂයන් අතර සටනෙන් මියගිය දැරණියගල කාන්තාවගේ කැරැට්ටුව හෙළිවේ .!


2017-11-30 16:06:10 -  398 යි

අනියම් සැමියන් අතර ඇතිවූ ගැටුමකින් ජීවිතය අහිමි වූ දැරුණියගල ප්‍රදේශයේ කාන්තාවක් පිළිබදව නෙත් ගොසිප්  මින් පෙර වාර්තා කළා .කෙසේ වෙතත් සැමියා නිවසේ නැති දිනයන්හි විවිධ පුද්ගලයින් නිවසට ගෙන්වාගෙන ඇසුරු කරමින් අසම්මත ජීවිතයක් ගත කරමින් සිටි අදාළ කාන්තාව සම්බන්ධ සිද්ධියට අදාළව මේ වනවිට තවත් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මෙම සිදුවීම නිසා අදාළ කාන්තාව සොර සැමියෙකු සමග මරාදමා තිබුණ අතර 4 හා 7 වයස්වල පසුවූ කාන්තාවගේ දැරියන් දෙදෙනා තුවාල ලබා තිබුණි.

කාන්ති හේමලතා (32) නමැති මියගිය කාන්තාව මින් ඉහත විවාහයකින් දරු තිදෙනකු සිටින තැනැත්තියක බවත් එම සැමියා සහ දරු තිදෙනා අතහැර මීට වසර 10කට පමණ පෙර දැනට ජීවිත් වූ පුද්ගලයා සමඟ දැරණිගලට පැමිණි පසු මේ දරුවන් දෙදෙනා බිහි කර තිබෙන බව සදහන්.

අනියම් පුරුෂ සේවනයට දැඩිව ලොල්ව සිටි කාන්තාවක බව පැවසෙන ඇය දරුවන් නිවසේ සිටියදී පවා ඔවුන් දැනුවත්ව පරපුරුෂයින් සමග අනියම් සබඳතා පවත්වා තිබෙන බවත් වාර්තා වෙනවා. එම නිසාම ඇය මින් පෙර විවාහයද කටුගාගෙන තිබෙන අතර දරු තිදෙනා පුරුෂයා භාරගෙන ඇයව නිවසින් එළවා දමා තිබේ. 

මියගිය කාන්තාවට ලියාපදිංචි විවාහයන් තිබී ඇත්තේ එකකි. මිය යාමට පෙර ඇය ජීවත් වූ වත්මන් ස්වාමි පුරුෂයා සමග නීතියෙන් විවාහ වී සිට නැත. කලින් කලට විවිධ තැන්වලදී හමුවන අය සමග අවස්ථාව ලද සැණින් වරදේ බැඳෙන සුළු තැනැත්තියකවූ ඇය පසුගිය කාලයේ පිරිමින් රැසක් සමග මේ ආකාර සබඳතා පවත්වා තිබෙන බවත් සිදුවීම පිළිබදව වාර්තා කරන මුද්‍රිත මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම ඝාතන සිද්ධියේදී මියගිය අනියම් පුරුෂයා ඝාතනය කර තිබුනේ ඇය සමග අනියම් ඇසුරක් පැවැත්වූ වර්තමාන සැමියාගේ බාල සහෝදරයා වීමද විශේෂත්වයකි.

ස්වාමි පුරුෂයාට ඈත පළාතක රැකියාවක් ලැබුණ පසු ඔහු සතියකට වරක් සතිඅන්තයේ පමණක් නිවසට ඒම පුරුද්දක් කරගත් පසු මීට වසර එකහමාරක පමණ සිට සැමියාගේ 27 හැවිරිදි බාල සොයුරා සමග 32 හැවිරිදි ඇය අනියම් ඇසුරට පෙළඹී ඇත.

මේ අතර කාලයේ ඇයගේ සැමියාගේ බාල සොයුරාටද රැකියාවක් සදහා ගොස් සිටි හෙයින් ඇය හමුවීම සදහා ඔහුට නිවාඩු හිඟයක් මතුවූ නමුත් ඔහු ඇතැම් අවස්ථාවල රැකියා ස්ථානයේ නිවාඩු දමා දවල් කාලයේ ඇය ඇසුරු කරන්නට නිවසට පැමිණ තිබෙන බව සදහන්.

සැමියාගේ බාල සොයුරාගේ ඇසුර කෙමෙන් ඈත්වන කාලයේ මින් මාස තුනකට පමණ පෙර සමූපකාරයෙදී හමුවූ 50 හැවිරිදි පුද්ගලයෙකු ඇගේ අසුරට අලුතින් එක්වී තිබේ. ඔහු නිවසට ගෙන්වා ගත් ඇය දැරියන්ටද සමූපකාරෙ අංකල් කියා හඳුන්වාදී තිබෙන බව සදහන්.

කෙසේ වෙතත් සිය අනියම් බිරිය තවත් පුරුෂයෙකු සමග සබදතාවයක් ආරම්භ කර තිබෙන බව කන වැකුණු ඇගේ සැමියාගේ බාල සොහො‍යුරා සිදුවීම සිදුවු දා රහසේම නිවසට පැමිණ තිබේ. පසුව ඔහුට සිය අනියම් බිරිඳ සහ ඇයගේ තවත් පුරුෂයෙකු නිවසේ සිටියදී හසුව තිබෙන අතර එහිදි ඇතිවූ වචන හුවමාරුවක් දුරදිග ගොස් ඔහු විසින් මෙම ද්විත්ව ඝාතනය සිදු කර තිබුණා.

අනියම් ඇසුර අතටම හසුවූ බැවින් කෝපයට පත් තරුණයා කාන්තාවට දොස් පවරා ඇති අතර මං කාව ගෙදට්ට ගෙන්නගත්තම ඔයාට මොකද? යන ඇගේ පැනය හමුවේ ඉහ වහාගිය තරුණයාගේ කෝපය මෙම ඝාතනයට හේතුව වී තිබෙන බව සදහන්

ද්විත්ව ඝාතන සිද්ධියේ සැකකරු පළාගොස් තිබුණ අතර මාලිබඩ ප්‍රදේශයේ පුද්ගලික වත්තක සැඟව සිටියදී පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com