master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

ලයිට් නිවා විවාහක කතක් ඔසවාගෙන ගිය අසල්වැසියාට වැඩ වරදී


2017-11-30 09:22:13 -  635 යි

එප්පාවල - කුමාර දිසානායක

විවාහක කාන්තාවකට ලිංගික අතවරයක් කිරීමේ චෝදනාව මත තඹුත්තේගම පොලිසිය අත්අඩංගුවට ගෙන තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ සැකකරු රුපියල් 50,000ක ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස වැඩ බලන මහෙස්ත්‍රාත් සංජීවනී රත්නායක මහත්මිය නියෝග කළාය.

සැකකරු හා කාන්තාව එකම ගමේ පදිංචිකරුවන් වන අතර කාන්තාවගේ සැමියා වෙනත් ප්‍රදේශයක රැකියාවක් කරනු ලබයි. සැකකරු මීට පෙර අවස්ථාවකදී කාන්තාවගෙන් දුරකතන අංකය ඉල්ලා තිබෙන අතර ඇය එයට විරුද්ධත්වය ප්‍රකාශ කර එය ප්‍රතික්ෂේප කර තිබේ. ඒ අතර සැකකරු රාත්‍රියේ කාන්තාවගේ නිවෙසට හොරෙන් ඇතුළු වී විදුලි පද්ධතිය නිවා දමා ඇයගේ නිදන කාමරයට ඇතුළු වී ඇත. සැකකරු කාන්තාවගේ කට වසා ඇය වඩාගෙන කුස්සියට රැගෙන ගොස් ඇත. ඒ යන අතර සැකකරුගේ ඉණේ ගසාගෙන සිට ඇති විදුලි පන්දම ඔහුගේ මුහුණට පත්තුවීමෙන් කාන්තාව හඳුනාගනීවි යැයි බියෙන් ඇය බිම අතහැර පලාගොස් තිබිණි.

කාන්තාව සැකකරු හඳුනාගෙන තිබුණු අතර පසුව තඹුත්තේගම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට කරනු ලැබූ පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමේදී පැමිණිලිකාර කාන්තාව පැමිණ නීතිඥවරියක මාර්ගයෙන් කරුණු දක්වමින් දරුවන්ගේ අනාගතය ගැන සිතා මෙම පැමිණිල්ල සාමදාන කර ගැනීමට කැමැත්ත ප්‍රකාශ කළ අතර කරුණු සලකා බැලූ වැඩ බලන මහෙස්ත්‍රාත්වරිය සැකකරුට ඇප ලබාදෙමින් ඉහත නියෝගය ලබාදුන්නේය.

සැකකරු වෙනුවෙන් නීතිඥ ශ්‍රී ලාල් මහේෂ් තලංගල්ල මහතා පෙනී සිටි අතර අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ කුමාරි හේරත් මහත්මිය පෙනී සිටියාය.

  ඔබේ අදහස්
Nme - bv
Message -i
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com