විවාහ වෙන්න කෙනෙක් නැතිව ඉන්න කාන්තාවන් සිය ඩිම්බ වලට කරන දේ
|

2017-11-29 14:33:45
- 611
යි
තමන්ගේ අධ්‍යාපන මට්ටමට සමාන සුදුසුකම් සහිත විවාහ අපේක්ෂක තරුණයන් නොමැති වීම හේතුවෙන් තරුණියන් විසින් සිය ඩිම්බ අධි ශීතකරණවල ගබඩා කිරීමක් පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙම පුවත වාර්තා වන්නේ ඇමෙරිකාවෙන්.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය හැදෑරු පුරුෂයන්ට වඩා කාන්තාවන් විශාල වශයෙන් වැඩිවීම මෙම තත්වයට හේතුවී ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
ඒ අනුව ඉහළ අධ්‍යාපන මට්ටමක් හිමි කාන්තාවන්ට තමන්ට සුදුසු සහකරුවෙක් සොයාගැනීමට දැඩි වෙහසක් දැරීමට සිදුවන බව එහි සඳහන්.
පර්යේෂකයන් වැඩිදුරටත් පවසන්නේ කාන්තාවන් වැඩිවශයෙන් අධ්‍යාපනයට යොමුවන බ්‍රිතාන්‍ය වැනි රටවල මෙම තත්වය බහුලව දැකිය හැකි බවයි.
අදාළ පරීක්ෂණය සඳහා අධිශීතකරණවල දිඹ තැන්පත් කරන ලද කාන්තාවන් 150 ක් පමණ යොදාගෙන තිබෙනවා.
එම කාන්තාවන් අතරින් සියයට 90 ක් ප්‍රකාශ කර ඇත්තේ තමන් මෙලෙස ඩිම්බ ගබඩාකිරීමට හේතුවූයේ තමන්ට ගැලපෙන නිසි සහකරුවෙකු සොයාගැනීමට නොහැකිවීමෙන් බවයි.
Yale විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක් වන (Marcia Inhorn) පවසන්නේ මේ අනුව රැකියාවට ප්‍රමුඛතාවය ලබාදීම සඳහා උගත් තරුණියන් දරුවන් බිහිකිරීම ප්‍රමාද වන බවට සමාජගතව ඇති මතය මෙමගින් අභියෝගයට ලක්කෙරෙන බවයි.
මේ අතර මෙලෙස ඩිම්බ අධි ශීතකරණවල තැන්පත් කිරීම අධික වේදනාකාරී මෙන්ම අධික පිරිවැයක් දැරීමට සිදුවන කටයුත්තක් බවයි ඇතැම් විශේෂඥයන් පෙන්වා දෙන්නේ .
ඔවුන් වැඩිදුරටත් පවසන්නේ මෙමගින් අනාගතයේදී දරුවෙකු බිහිකිරීමට ඇති හැකියාව අවිනිශ්චිත බවයි.
ඔබේ අදහස්
ඔබට කැමති අයුරින් මෙහි ලියන්න |
|
|