master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

අනුරාධපුර පාසලක සිසුවියන් පිරිසක් පාසලේදී ෆෝන් එකෙන් බ්ලූ බලලා - ඇහුවාම පෙම්වතුන් දුන්නාලු


2017-11-29 08:27:20 -  381 යි

අනුරාධපුර මිශ්‍ර පාසලක ඉගෙනුම ලබන පාසල් සිසුවියන්ට පෙම්වතුන්ගෙන් අසභ්‍ය දර්ශන ගබඩා කළ ජංගම දුරකථනයන් තෑගි වශයෙන් ලැබීමේ සිද්ධින් කිහිපයක් අනාවරණය කරගැනීමට හැකිවූ බව ගුරුවරුන් පිරිසක් අනාවරණය කළහ.

සිසුවියන් කිහිප දෙනෙකුම අතවූ නවීන පන්නයේ ජංගම දුරකථනවල තිබී අසභ්‍ය දර්ශන හා අසභ්‍ය හඬපටයන් සහිත වීඩියෝවන් හමුවූ බව ඔවුහු පවසා සිටියහ.

දුරකථනවලට අසභ්‍ය දර්ශන ඇතුළත් කරගත්තේ කෙසේදැයි විමසූවිට ඔවුන් පවසා තිබුණේ, සිය පෙම්වතුන් විසින් තෑගී වශයෙන් ලබාදුන් ජංගම දුරකථනවල එම දර්ශන තිබූ බවයි.

පාසලේ ඉගෙනුම ලබන සිසුවියන් හොර රහසේ සඟවාගෙන ජංගම දුරකථන ඉතා ඕනෑකමින් නරඹමින් සිටියදී ඒවා ගුරුවරුන් භාරයට ගෙන සිදුකළ පරීක්ෂාවේදී අසභ්‍ය වීඩියෝ දර්ශන විශාල වශයෙන් ගබඩා කරගෙන තිබූ බව ඔවුන් අනාවරණය කරගෙන ඇත.

පාසල් වයසේ හා පාසල් නොයන පෙම්වතුන් විසින් පාසල් සිසුවියන් අනවශ්‍ය ආකාරයේ ඇසුරු සඳහා පොළඹවා ගැනීම සඳහා මෙම උපක්‍රමය සිදුකර ඇතැයි ගුරුවරු අනාවරණය කළහ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com