master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

බලෙන් රූම් එක්ක යන්න හැදූ පෙම්වතා පදවමින් සිටි බයික් එකෙන් පැන්න 21 හැවිරිදි පෙම්වතියට බරපතලයි


2017-11-28 08:21:41 -  715 යි

අරණායක ගල්බොක්ක ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකින් බිමට පැන බරපතල තුවාල ලැබූ තරුණියක් රෝහල් ගතකර තිබෙනවා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 21 හැවිරිදි තරුණියක් වන අතර පෙරේදා (26) දහවල් ඇයගේ පෙම්වතා විසින් යතුරුපැදියේ නංවාගෙන කෑගල්ල ප්‍රදේශයේ ලැඟුම්හලකට බලහත්කාරයෙන් රැගෙන යාමට තැත්කර තිබූ බවයි පොලිස් පරීක්ෂණ වලින් හෙළිවී ඇත්තේ.

එයට අකමැති වූ අදාල තරුණිය මෙලෙස ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකින් බිමට පැන ඇති බවයි වාර්තා වන්නේ.

ඇඟලුම් කම්හලක සේවයකරන මෙම තරුණිය වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි යුධ හමුදා සෙබළෙකු සමඟ කාලයක් තිස්සේ ප්‍රේම සම්බන්ධයක් පවත්වා තිබෙනවා.

මේ අතර සිය පෙම්වතාගේ දැනුම්දීමකට අනුව පෙරේදා (26) දහවල් ඇය කෑගල්ල නගරයට පැමිණ පෙම්වතා මුණගැසී තිබුණා.

ඔහු විසින් කරනු ලැබූ යෝජනාවකට අනුව යතුරු පැදියෙන් නිදහස් තැනකට ගොස් කතාබහ කිරීමට කැමැත්ත පළකර ඇති තරුණිය, පෙම්වතා විසින් යතුරු පැදියේ යමින් සිටියදී ලැඟුම්හලකට යමුයැයි කළ යෝජනාවට විරෝධය පළකර එකවරම යතුරුපැදියෙන් බිමට පැන තිබෙනවා.

අදාළ තරුණිය මේ වනවිට කෑගල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

සිද්ධිය පිළිබඳව ලද පැමිණිල්ලකට අනුව සැකකරු සහ අදාළ යතුරුපැදිය අත්අඩංගුවට ගැනීමට කෑගල්ල පොලිසිය කටයුතු කළා.

සැකකරු කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (27) ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com