master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

14 හැවිරිදි දැරිගේ පෙම්වතා වූ දෙදරු පියා ඇයව දූෂණය කර බස් එකේ යන්න රු 20කුත් ඉල්ලන් ගිහින්


2017-11-28 07:49:50 -  1039 යි

බදුල්ල- හාලිඇළ, ඉඹුල්ගොඩ ප්‍රදේශයේ වයස අවුරුදු 14 පාසල් සිසුවියක් දුෂණයට ලක් කර තිබේ.

උපකාරක පන්තියක් සඳහා සහභාගි වෙන බව පවසා ඇය සිය නිවසෙන් පිටත්ව ගොස් ඇති නමුත් නැවත නොපැමිණිම හේතුවෙන් මව්පියන් ඇය අතුරුදන් වී ඇති බවට ඊයේ (26) දිනයේ දී හාලිඇළ පොලීසියට පැමිණිල්ලක් ද සිදුකර ඇත.

පාසල් සිසුවිය අපයෝජනයට ලක් කළ පුද්ගලයා සමඟ ඇය මාස 2 ක පමණ කාලයක් ප්‍රේම සම්බන්ධතාවයක් තිබී ඇති අතර ඔහු හාලිඇළ බෝගහමලිත්ත ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි දෙදරු පියෙකි.

මොහු දැරිය තම මිත්‍රයෙකුගේ නිවසකට රැගෙන ගොස් එහිදී අපයෝජනය කර ඇති අතර බස්එකේ යන්නට ඇගෙන් රුපියල් 20ක්ද ඉල්ලාගෙන ගොස් ඇති බව මූලික පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී ඇත.

මේ අතර පාසල් දැරිය ඇයගේ විදේශ ගත ඥාතියෙකු හට දුරකථන ඇමතුමක් ලබා දී ඇය පැහැර ගෙන ගොස් හිර කර ඇති බව පවසා ඇත.

ඒ අනුව පොලීසිය විමර්ශන කටයුතු ආරම්භ වී තිබේ.

ඊයේ රාත්‍රි 10ට පමණ මෙම සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු හාලිඇළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් අද(27) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com