master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

54 හැවිරිදි පුංචි අම්මාට දරුණු ලෙස අතවර කළ අතුරුගිරියේ පුතාට වැඩ වැරදුන හැටි මෙන්න පුංචි අම්මා අසාධ්‍ය තත්වයෙන් හෝමාගම රෝහලට


2017-11-27 15:32:21 -  1189 යි

තම පුංචි අම්මාට අතවර කළ පුතෙකු අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ අතුරුගිරිය ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි දෙදරු පියෙකු බවයි පොලිසිය ප්‍රකාශ කරේ.

මෙලෙස අතවරයට ලක්ව තිබෙන්නේ 54 හැවිරිදි කාන්තාවක්.

ඉකුත් 23 වැනිදා අදාළ පුද්ගලයාගේ බිරිඳ නිවාස තුළ නොසිටි මොහොතක පුංචි අම්මා සමග ඇතිකරගත් බහින්බස් වීමකින් අනතුරුවයි මෙම අතවරය සිදු කර තිබෙන්නේ.

අදාල පුද්ගලයා පුංචි අම්මා දිවි ගෙවූ ගරාජය තුළට ඇතුළු වී දරුණු ලෙස අතවර කර ඇති බවයි පැමිණිල්ලේ සඳහන් වන්නේ.

අතවරයට ලක් වූ කාන්තාව හෝමාගම රෝහලට ඇතුලත් කර ඇති අතර අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා මීට පෙරද කාන්තාවකට අතවර කිරීමට උත්සහ දරා ඇති අයෙකු බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com