master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

නාවලපිටියේ 15 හැවිරිදි නිවුන් සොහොයුරියන් පැහැරගෙන ඇවිත් කඩුවෙලදී දූෂණය කළ පුද්ගලයන් දෙදෙනෙකුට වැඩ වැරදුන හැටි මෙන්න


2017-11-25 11:35:37 -  876 යි

බාලවයස්කාර නිවුන් සොහොයුරියන් දෙදෙනකු පැහරගෙන විත් දූෂණය කළ සැකකරුවන් දෙදෙනකු ලබන 30 වැනිදා දක්වා බන්ධනාගාරගත කර ඇත.

මෙසේ බන්ධානාගාර ගත කර ඇත්තේ වයස අවුරුදු 25ක් හා 28ක් වන පුද්ගලයින් දෙදෙනකි.

දැරියන් දෙදෙනා නාවලපිටිය ප්‍රදේශයේ පදංචි වයස අවුරුදු 15ක නිවුන් සොහොයුරියන් වන අතර සැකකරුවන් දෙදෙනා ඔවුන්ගේ පෙම්වතුන් බව පැවසේ.

තම දියණියන් දෙදෙනා අතුරුදන් වී ඇති බවට දැරියන්ගේ මවුපියන් නාවල පිටිය පොලිසියට පැමිණිලි කර ඇත.

සැකකරුවන් දැරියන් දෙදෙනා නාවලපිටියේ සිට කැඳවාගෙන විත් කඩුවෙල ප්‍රදේශයෙදී දුෂණය කර ඇති අතර කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ දැරියන් දෙදෙනා සමග සැකකරුවන් සැකකටයුතු ලෙස ගැවසෙන විට කොල්ලුපිටිය දුම්රිය ස්ථානයෙන් ලැබුණු තොරතුරකට අනුව කොල්ලුපිටිය පොලිසිය විසින් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

දැරියන් දෙදෙනා නාවල පිටිය පොලිසියට භාර දී ඇති අතර සැකකාර තරුණයින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රකිෂිත බන්ධනාගාර ගත කර ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com