master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අන්තර්ජාලය ඔස්සේ දරුවන් ගණිකා වෘත්තියේ යෙදවූ පුද්ගලයා අවුරුදු 472 කට මහඋළු ගෙදරට


2017-11-25 11:26:49 -  860 යි

ළමුන් ලිංගික කටයුතු සඳහා ජාවාරම් කිරීමේ චෝදනාවට වැරදිකරු වූ පුද්ගලයෙකුට වසර 472ක සිරදඬුවමක් ලබාදීමේ පුවතක් වාර්තා වේ.

31 හැවිරිදි මෙම විත්තිකරුට මිනිස් ජාවාරම්, කාන්තාවන් සහ කුඩා ළමුන් ගණිකා වෘත්තියේ යෙදවීම්, පැහැරගැනීම් ඇතුලු චෝදනා රැසක් එල්ලවී තිබූ බව සඳහන්ය.

අන්තර්ජාලය ඔස්සේ මොහු මෙම ජාවාරම් සිදුකර ඇති බවයි වාර්තා වේ.

කාන්තාවන් සහ ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකළ පුද්ගලයෙකුට අධිකරණය ලබාදුන් මෙම තීන්දුව ලෝකයට වැදගත් පණිවුඩයක් වනු ඇති බව නඩු තීන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.

අමෙරිකානු ඉතිහාසයේ මෙවැනි චෝදනාවක් සම්බන්ධයෙන් පුද්ගලයෙකුට ලබාදුන් ඉහළම දඩුවම මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com