master
New Page 1

විදුලි බල මණ්ඩල සේවකයින් විරෝධතාවකට සැරසෙයි


2017 01 03 11.50 AM -  653 යි

දිවයින පුරා සිටින විදුලි බල මණ්ඩල සේවකයින් කොළඹට කැඳවීමට විදුලි සේවක මණ්ඩලය සූදානම් වනවා.

විදුලි බව මණ්ඩල විධායක නොවන සේවකයින්ට මතුව තිබෙන වැටුප් විෂමතා ගැටළු විසඳීමට බලධාරීන් මෙතෙක් පියවර ගෙන නොමැති බවයි මෙම සංගමයේ ප‍්‍රධාන ලේකම් රංජන් ජයලාල් පවසන්නේ.

ඊට විරෝධය පළ කරමින් ලබන 04වනදා දිවයිනේ සියලූ විදුලි සේවකයින් කොළඹට කැඳවන බවයි ඔහු සඳහන් කළේ.

එදින කොළඹ කොටුවේ පිහිටි විදුලි බල මණ්ඩල ප‍්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වන බවද රංජන් ජයලාල් සඳහන් කළා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com