master
New Page 1

මහින්දට නඩු පවරන්න බොදුබලය සූදානම්


2017 01 03 11.05 AM -  901 යි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාට එරෙහිව නඩු පැවරීමට බොදුබල සේනා සංවිධානය තීරණය කර ඇත.

එහි මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අපහාස වන අයුරින් සහ සංවිධානයේ කීර්තිනාමයට හානිවන අයුරින් ඔහු විදෙස්‌ මාධ්‍යයක්‌ හමුවේ කළැයි කියන ප්‍රකාශ සම්බන්ධයෙන් මෙසේ නඩු පවරන බව එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ඩිලන්ත විතානගේ මහතා සඳහන් කරයි.

හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශ නිසා සංවිධානයට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා මේ සතිය තුළ එන්තරවාසි යවන බවත් එහිදී එම වන්දි මුදල නොලැබුණහොත් නඩු පවරන බවත් වන්දි මුදල කොතෙක්‌ ද තවම තීරණය කර නැති බවත් ඔහු පෙන්වා දුන්නේය.

මේ ආකාරයෙන්ම සිය සංවිධානයේ කීර්තිනාමයට හානි කළ විමල් වීරවංශ මහතා ඇතුළු තවත් පිරිසකට ද මාධ්‍ය ආයතන කිහිපයකට ද එන්තරවාසි යොමු කරන බවත් හිටපු ජනාධිපතිවරයා පසුගිය දිනෙක විදෙස්‌ මාධ්‍යයක්‌ හමුවේ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට 'This Man' (මේ මිනිහා) ලෙස හඳුන්වමින් අදහස්‌ පළ කළ බවත් හෙතෙම සඳහන් කළේය.

බොදුබල සේනා සංවිධානය අමෙරිකාවේ සහ නෝර්වේ රාජ්‍යයන්ගෙන් මුදල් ගෙන මුස්‌ලිම් ජනතාවට එරෙහිව කටයුතු කළ බවත් ඊට පාඨලී චම්පික රණවක හා රාජිත සේනාරත්න යන මහත්වරුන් උදව් කළ බවත් එහිදී මහින්ද රාජපක්‌ෂ මහතා පවසා ඇතැයි ඩිලන්ත විතානගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

  ඔබේ අදහස්
Nme - Perumal
Message -ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අපහාස වන අයුරින් කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් ගලගොඩඅත්තේ ඥානසාර හමියන්ට විරුද්ධව නඩු පැවරීමට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් පියවර ගැනීම ඉතා හොඳය. නිරුවත් රඟපෑම ඉතා අනර්ඝය.
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
   

New Page 1

  2014 by www.eethalayanews.com