master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

මේ දවස්වල මාව 'කුඹියෝ' ටෙලි නාට්‍යයේ දකින්න පුළුවන්


2017-10-13 12:32:59 -  250 යි

මේ දිනවල ස්වාධීන රූපවාහිනි නාළිකාවේ විකාශය වන කුඹියෝ ටෙලි නාට්‍යයේ දකින ඇය සුජීවා ඩයස්ය. දැනට නුවර පේරාදෙණිය පාරේ තමාගේ රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යන ඇය ඒ නිසාම තරමක් කාර්යබහුල වී සිටියි. ඉදිරියේදී නැවතත් කලා කටයුතු සඳහා සම්බන්ධවීමට සූදානමින් සිටින ඇය ඒ පිළිබඳව ඊතලය අපිට මෙසේ අදහස් දැක්වීය‍.

 

ස්වාධීන රූපවාහිනි නාළිකාවේ මේ දිනවල විකාශය වන කූඹියෝ ටෙලි නාට්‍යය මම කළේ මීට වසර 3කට කලින්. කුමන හේතුවක් මත මේ ටෙලි නාට්‍යය විකාශය වෙන්න ප්‍රමාද වුණා. දැනට මම කලා ක්‍ෂේත්‍රයේ වැඩ කරන්නේ නැහැ. නමුත්, කූඹියෝ හරහා නැවතත් මගේ ප්‍රේක්ෂකයන් අතරට යන්න ලැබුණ එක ලොකු සතුටක්. පසුගිය කාලේ මගේ රූපලාවණ්‍යගාරයේ වැඩත් එක්ක කාර්යබහුල වුණා. ඒත්, දැන් එහි වැඩ කටයුතු නිසි කළමනාකරණයකින් කෙරෙන හින්දා ඉදිරියේදී නැවතත් කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න අදහස් කරමින් ඉන්නවා. හොඳ නිර්මාණයක් ආවොත් අනිවාර්යයෙන්ම ඒකට දායක වෙනවා

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com