master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

අකුරැස්සේ තිබ්බොටුවාව පාසලේ කෙල්ලෝ කොල්ලෝ අමුතු කල්ලියක් හදලා - අරක්කු බීලා ගන්ජත් ගහනවලු...! කෙල්ලෝන්ගෙ කලවා වල පච්චා ගහගෙන


2017-10-13 12:08:12 -  354 යි

අකුරැස්ස - තිබ්බොටුවාව ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක ප්‍රසිද්ධ කප්පම් කල්ලියක් නිර්මාණය වී ඇතැයිද, ගැහැනු සහ පිරිමි පාසල් ළමයින්ගෙන් සැදුම්ලත් මේ කල්ලිය පාසල් ළමයින්ගෙන් කප්පම් මුදල් ලබාගෙන ඒවායෙන් අරක්කු, සිගරැට් සහ ගංජා ආදිය පානය කරන බවත් මෙය මර්දනය කිරීමට ප්‍රදේශයේ දේශපාලන අධිකාරියේ කඩිනම් අවධානය යොමුවිය යුතු බවත් ඊයේ (12දා) පැවැති අකුරැස්ස ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී සාකච්ඡා විය.

එම සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ, පළාත් සභා මන්ත්‍රි මනෝජ් සිරිසේන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමේදී අකුරැස්ස ත්‍රිරෝද රථ සංගමයේ සභාපති වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවැසීය.

පාසල් ළමයින් පාතාල කල්ලි නායකයන්ගේ හැසිරීම හරිම කනගාටුයි. මේ කල්ලියට කප්පම් නොදී දරුවකුට බේරෙන්න බැහැ. සල්ලි නොදුන්නොත් දරුවන්ට ගහනවා. ඒ නිසා අහිංසක දරුවන් බයට සල්ලි දෙනවා. පාසල් ඇරිලා පාරේ යන විදිය දැක්කම හරියට හින්දි චිත්‍රපටයක් වගෙයි. කල්ලියේ නායකයා ඉස්සරහින් යනවා තව දහ ‍ෙදාළොස් දෙනෙක් එයාගේ බෑග් එක, පෝන් එක, වතුර බෝතලේ අරගෙන යනවා. මෑතකදී මේ කියන කප්පම් කල්ලියේ නායකයා පාරෙදි ගංජා එක්ක පොලිසියට කොටු වෙලා උසාවියටත් ඉදිරිපත් කළා.

ඒ වගේම පච්ච ගහන මැෂින් එකක් ඉස්කෝලෙට ගෙනහිල්ලා කවුරු හරි ළමයෙක් ඔත්තුවක් දීලා ගුරුවරයකුට හසුවෙලා තියෙනවා. පිරිමි ළමයින්ගේ පපුවෙත්, ගැහැනු ළමයින්ගේ කලවා ප්‍රදේශයේත් පච්ච ගහනවා කියලා තමයි පාසල් ළමයින් කියන්නේ. මේ තත්ත්වය නතර කරන්න බැරිවෙලා තියෙන්නේ සමහර ටියුෂන් ගුරුවරු නිසා. ඇතැම් ටියුෂන් ගුරුවරු තමන්ගෙ පන්තිවලට එන මේ වගේ ළමයි පාසලේදී ආරක්ෂා කරනවා. වහාම මේ තත්ත්වය නිවැරැදි විය යුතුයි. අකුරැස්ස නගරයේ ඕනෑම වෙලාවක කඩේකින් පැනඩෝල් පෙත්තක් ගන්නවා වගේ ගංජා වැහි වැහැලා තියෙනවා. මෙය වහා නතර කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com