master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

දුම්රිය වර්ජනයේ අලුත්ම තත්වය මෙන්න


2017-10-12 08:30:27 -  130 යි

ම්රිය වර්ජනය අඛණ්ඩව සිදුකරන බව දුම්රිය රියදුරන්ගේ සංගමය පවසනවා. එය, තම ඉල්ලීම්වලට විසදුම් ලැබෙන තෙක් සිදුකෙරෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

දුම්රිය රියදුරන් හා නියාමකවරුන් ඊයේ (12) 7.30 ට පමණ හදිසියේ මෙම වර්ජනය ආරම්භ කළා. ඒ, දුම්රිය එන්ජින් සහායකයින් බඳවා ගැනීමේ පටිපාටියේ ගැටළුවක් මුල්කර ගනිමින්.

මේ හේතුවෙන් කොළඹ කොටුවෙන් සහ මරදානෙන් ගමන් ආරම්භ කිරීමට තිබූ රාතී‍්‍ර තැපැල් සහ නගරාන්තර දුම්රිය සේවා රැසක් අවලංගු කෙරුණා.

හදිසියේ ඇති වූ මෙම තත්ත්වයට ඒ අවස්ථාවේ දුම්රිය ස්ථාන දෙකේ සිටි මගීන් දැඩි විරෝධයක් පළ කළා. ඒ අනුව කොටුව සහ මරදාන දුම්රිය ස්ථාවල ඇති වුයේ උණුසුම් තත්ත්වයක්.

පවතින තත්ත්වය පාලනය කිරීමට විශේෂ පොලිස් බලඇණියක්ද යොදවනු ලැබුවා. දුම්රිය නොමැතිවීම හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ගමන් පහසුකම් සැපයීමට බස් රථ සේවා යෙදවීමටයි දුම්රිය බලධාරීන් පසුව කටයුතු කළේ.

මේ අතර දුම්රිය වර්ජනය හේතුවෙන් කොළඹින් පිටත් වන කිසිදු දුම්රියක් මේ වනවිට ධාවනය නොවන බවයි අද (12) අලූයම නෙත් නිවුස් කළ විමසීමකදී දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

කෙසේවෙතත් පොල්ගහවෙල, මහව, හලාවත, අවිස්සාවේල්ල සහ මහනුවර සිට දුම්රිය කිහිපයක් කොළඹට පැමිණීමට නියමිතයි.<

පොල්ගහවෙල සහ හලාවතින් පිටත්වන දුම්රියන් අලූයම 5.30 ට කොළඹට පැමිණීම ආරම්භ කර තිබෙනවා. මහව දුම්රිය අලුයම 4.45 ට පිටත් වී ඇති බවයි ප‍්‍රකාශ කෙරුණේ.

අලුයම 5.00 ට මාතරින් පිටත්වීමට නියමිත තිබූ දුම්රිය කොළඹට පැමිණිම ප‍්‍රමාද වනු ඇති බවද දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා.

නෙත් නිවුස් කළ විමසීමකදී දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම්. අබේවික‍්‍රම කියාසිටියේ දුම්රිය ධාවනය කරවීමට හැකි උපරිම උත්සාහය ගන්නා බවයි. කෙසේවෙතත් තත්ත්වය සමථයකට පත් කිරිමට නොහැකි වනු ඇති බවයි ප‍්‍රකාශ කෙරුණේ.

දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ සඳහන් කළේ වර්ජනය අඛණ්ඩව සිදු කිරීමට තීරණය කර ඇති බවයි. දුම්රිය සහායකයින් බඳවා ගැනීම නිසි ක‍්‍රමවේදයකට සිදුව නොමැති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් අදාළ ගැටළුව සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ අග‍්‍රාමාත්‍ය උපදේශක ජේ. දඩල්ලගේ ප‍්‍රමුඛ නිලධාරීන් පිරිසක් සමග විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වුවා. එහිදී ගැටළුවට නිසි විසදුමක් ලැබී නැති බවයි වාර්තා වුණේ.

අග‍්‍රාමාත්‍ය උපදේශක ජේ. දඩල්ල සඳහන් කළේ දුම්රිය සහායකයින් බඳවා ගැනීම සම්බන්ධයෙන් මෙහිදී වෘත්තීය සමිති දැනුවත් කළ බවයි.

මේ අතර දුම්රිය ධාවනය සිදුවන අවස්ථාවේ කොළඹ කොටුව සහ මරදාන යන දුම්රිය ස්ථානවල පොලිස් නිලධාරීන් රඳවා තබන බවද දුම්රිය පාලක මැදිරිය පැවසුවා. මගීන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් දුම්රිය ආරක්‍ෂක නිලධාරීන්ද ප‍්‍රධාන දුම්රිය ස්ථානවල සේවයට යොදවා ඇති බවයි එහි ප‍්‍රකාශකයෙකු  වැඩිදුරටත් කියාසිටියේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com