master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

චමල් ඇතුළු සංවිධායකයන් 5ක් ඉවතට


2017-10-11 08:00:05 -  229 යි

ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණේ කටයුතු සඳහා සම්බන්ධ වී සිටින, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකයන් පස්දෙනකු එම සංවිධායක ධුරවලින් ඉවත් කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව නාවලපිටිය ආසන සංවිධායක මහින්දානන්ද අලුත්ගමගේ, හොරණ ආසන සංවිධායක විදුර වික්‍රමනායක, තිස්සමහාරාම ආසන සංවිධායක චමල් රාජපක්ෂ, රක්වාන ආසන සංවිධායක රන්ජිත් සොයිසා හා වෙන්නප්පුව සම සංවිධායක අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරු වෙනුවට නව ආසන සංවිධායකවරු පත් කිරීමට නියමිතය.

මීට අමතරව ඒකාබද්ධ විපක්ෂය සමග කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නොවන පිරිසක්ද ආසන සංවිධායක ධුර දරන අතර ඔවුන්ද එම සංවිධායක ධුරවලින් ඉවත් කර නව සංවිධායක ධුර පත් කිරීමට නියමිත බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කළේය.

එමෙන්ම පක්ෂ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ නොවී සිටින දුර්වල සංවිධායකයන්ද ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට පෙර ඉවත් කර ඉතා ඉක්මනින් නව ආසන සංවිධායකයන් පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.

කමණී හෙට්ටිආරච්චි

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com