master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

පාකිස්තානය ජයග්‍රහණයට තවත් ලකුණු 119ක් පිටුපසින්


2017-10-10 13:37:33 -  183 යි

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි හිදී පැවැත්වෙන දිවා රාත්‍රී ටෙස්ට් තරඟයේ අවසන් දිනය අදයි.

ඊයේ 4 වන දිනය නිමා වන විට දෙවන ඉනිමේ පන්දුවට පහර දෙන පාකිස්තානය කඩුලූ 5ක් දැවී ලකුණු 198ක් ලබා සිටියා.

ශ්‍රී ලංකා පිළ දෙවන ඉනිමේදී ලකුණු 96කට දැවී යාම නිසා පාකිස්තානයට හිමි වූයේ ලකුණු 317ක ජයග්‍රාහී ඉලක්කයක්.

එය හඹා යාමේදී පාකිස්තාන පිළේ කඩුලූ 5ක් ලකුණු 52කට බිඳ වැටුණා.

නායක සර්ෆ‍්‍රාස් අහමඞ් සහ අසාද් ශාෆික් නොදැවුණු 6 වන කඩුල්ල සඳහා ලකුණු 146ක් රැස් කර ගැනීමට සමත් වුණා.

මේ නිසා ජයග්‍රහණය සඳහා පාකිස්තානය රැස් කළ යුත්තේ තවත් ලකුණු 119ක් පමණයි.

ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට ලකුණු 482 ක් රැස්කරගත් අතර පකිස්ථානය සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 262 ක්.

දෙවන ටෙස්ට් තරඟයේ සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 96ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු බිඳවැටුණු හැටි පහතින්.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com