master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

තරුණයන් 6ක් දොර කඩා පියාට පහරදී බාල වයස් දියණිය පැහැරගෙන ලිංගිකව එක් වෙලා


2017-10-10 08:17:32 -  313 යි

අනුරාධපුර _
මහේෂ් විජේසූරිය

නිවෙසේ දොර කඩා පියාට පහරදී 14 හැවිරිදි බාල වයස්කාර පාසල් දරියක් පැහැරගෙන ගොස් දින කිහිපයක් සිරකර තබාගෙන ලිංගික අතවර සිදුකළ හෙරොයින් මතට ඇබ්බැහිවී සිටින තරුණයකු හා තවත් සැකකරුවකු අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය ඊයේ (09දා) සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි.

තරුණයන් හය දෙනකු පමණ කඩාවැදී නිවෙසේ දොර කඩා දියණිය පැහැරගෙන ගිය බවට අනුරාධපුර මල්අතු පටුමඟේ පදිංචි පියකු පොලිසියට සිදුකළ පැමිණිල්ලක් මත සිද්ධියේ ප්‍රධාන සැකකරු සමඟ ඔහුගේ සහායකයා අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් සිවු දෙනකු අත්අඩංගුවට ගැනීමට සිටින බව පොලිසිය පැවසුවේය.

සැකකරුවන් හයදෙනා පසුගිදා (06දා) රාත්‍රියේ එකවරම නිවෙසට කඩාවැදී ‍ෙදාරට පයින් ගසා ‍ෙදාරකඩා පසුව නිවෙසේ කාමරයක නිදා සිටි පාසල් දැරියව පැහැරගෙන ඇති බවත් ඇය හඬා වැටෙද්දී බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් නිරාවිය ප්‍රදේශයේ සිරකර තබාගෙන ඇති බවත් පොලිසිය පැවැසුවේය. බාල වයස්කාර දියණිය පැහැර ගැනීම සම්බන්ධයෙන් පැමිණිලි කළහොත් පළිගන්නවා යනුවෙන් පැවැසීම නිසා ඊට බිය වූ දැරියගේ පියා ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමට ප්‍රමාදවී ඇති බව පොලිසිය පැවැසුවේය. පැහැරගත් දැරිය අසනීප තත්ත්වයෙන් පසුවීම නිසා ඇයව පැහැරගෙන ගොස් දින දෙකකට පසුව දූෂණයට ලක්කර තිබෙන බව පොලිසිය පැවැසුවේය. අත්අඩංගුවට ගත් 26 හැවිරිදි ප්‍රධාන සැකකරු මීට පෙර විවාහ වී ඇති බවත් ඔහු තදබල ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු බවත් පොලිසිය පැවැසුවේය. දැරිය පැහැර ගැනීමට පැමිණි සෙසු සැකකරුවන් පොලිසිය හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com