master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

දමිළ කාන්තාවගේ හා දරුවාගේ දිවි බේරා දුන් සිංහල පොලිස් හීරෝ කෙනෙක් ගැන උතුරේ මිනිස්සු කියන කතාව මෙන්න


2017-10-09 08:39:40 -  279 යි

ශ්‍රී ලංකා පොලිසිය සම්බන්ධයෙන් හොඳ ඇසෙනවාට වඩා නිතරම ඇසෙන්නේ නීතියේ ආධිපත්‍ය තම අතට ගෙන කටයුතු කරන පොලිස් නිලධාරින් සම්බන්ධයෙන්.

නීතිය හරි ආකාරව ක්‍රියා නොකිරිම. කෙනෙකුගෙන් ලැබෙන වාසිය නිසා ක්‍රියා කිරිම එසේ නැතිනම් අල්ලසක් ලබා ගැනීම යනුවෙන්   පොලිස් නිලධාරින් සම්බන්ධයෙන් නිතර තොරතුරු වාර්තා වනවා.

එය එසේ වූවත් සිය රාජකාරීය දේවකාරිය ලෙස සලකා ක්‍රියා කරන පොලිස් නිලධාරින් සම්බන්ධයෙනුත් කලාතුරකින් තොරතුරු වාර්තා වන්නේ පොලිස් සේවයේ යහපත් නිලධාරින් ද සිටින බව සමාජයට පෙන්වා දෙමින්.

අන්න එවැනි නිලධාරියෙක් සම්බන්ධයෙන් තොරතුරක් අපිට දැන ගන්නට ලැබුණේ යාපන වඩුක්කෝට්ටේ ප්‍රදේශයෙන්.

ඊයේ රාත්‍රි කාලයේ දී එම ප්‍රදේශයේ ජීවත් වු මවත් සිය දරු ප්‍රසුතිය සඳහා යාපනය රෝහල වෙත යමින් සිටියේ ත්‍රීරෝද රථයකින්.

සිය දරුවා ප්‍රසුත කිරිමේ වේදනාව දරාගත නොහැකිව කෑගසමින් සටි එම කාන්තාව රැගත් ත්‍රීරෝද රථය විදුලි වේගයෙන් ගමන් කළේ ඇයව යාපනය ශික්ෂණ රෝහලට ඇතුල් කිරිමට සඳහායි.

වඩුක්කෝට්ටේ නගරයට සමීප වූ ත්‍රීරෝද රථය එකවර ක්‍රියා විරහිත වුණේ කිසියම් දෝෂයක් හේතුවෙන්.

රථය පණ ගැන්වීමට රියදුරා මෙන්ම එම කාන්තාවගේ ස්වාමි පුරුෂයා ද විශාල වෑයමක නිරත වුණා.

නමුත් එහිදී එම කිසිඳු උත්සහයක් සාර්ථක වණේ නැහැ.එම අවස්ථාවේ ද  දරුවා ප්‍රසුතිය සඳහා අදාල කන්තාව දැඩි වේදනාවක කෑගසමින් සිටි බවයි වාර්තා වුණේ.

එහිදී කිසිවක් කර කියා ගත නොහැකි ඇගේ ස්වාමීයා සහ රියදුරු අවට උදව්වක් ලබා ගැනීමට කිසිවෙකු සිටි ද යන්න අවධානය යොමු කළ ද එහි කිසිවෙකු සිටියේ නැහැ.

සිය බිරිඳ හා දරුවා ජීවිතය හා මරණය අතර සටනක සිටින අවස්ථාවක අහිංසක ස්වාමි පුරුෂයාට සිහි වුණේ දෙවියන් පමණයි.

ඔහු ද කර කියාගත නොහැකිව කලබල වී සිටි අවස්ථාවක ඈතින් යම් එළියක් පෙනෙන්නට විය.

අප දෙවියන්ගේ පිහිට පැතුව ද දෙවිවරුන් අපට පිහිට වන්නේ සැබෑ දේව රූපයෙන් නොව මේ මහ පොලොවේ ජීවත් වන මිනිස් වෙසින් බව පැරණි කියමන් අසා තිබෙනවා.

ඒ කවදා ද කුමණ අවස්ථාවේ ද කියා අපට ස්තීරවම කීව නොහැකියි.

එමෙන්ම දෙවිවරුන් මිනිසාට පිහිට වන්නේ ජාති කුල ආගම් භේදයකින් තොරව බව අප අසා තිබෙනවා.

අන්න ඒ සියල්ල සත්‍යය කරමින් ඈතීන් පෙනුන අාලෝකය ක්‍රමයෙන් ත්‍රීරෝද රථය ආසන්නයට පැමිණියා.

ඒ රාත්‍රි මුර සංචාරයේ නිරත වඩුක්කෝට්ටේ පොලිසියේ නිල රථයයි.

එම පොලිස් රථයේ සිටි නිලධාරින්ගේ ඇසට ගැටුණේ මේ අවේලාවේ මාර්ගය මැද නතර කර තිබු ත්‍රීරෝද රථය සම්බන්ධවයි.

එම නිලධාරින් ත්‍රීරෝද රථය අසලට ගොස් බලන විට එහි ජීවිතය හා මරණය අතර සටනක යෙදි සිටන කාන්තාව දැක තිබෙනවා.

බොහො සේ කම්පාවට පත් වූ වඩුක්කෝට්ටේ පොලිස්ථාධිපති සමන් ගුණතිලක වහාම ක්‍රියාත්මක වූ අතර එම කාන්තාව යාපනය රෝහල වෙත රැගෙන යාම සඳහා පොලිස් රථය හා නිලධාරින් දෙදෙනෙකු ද ලබාදුන්නා.

එම පොලිස් නිලධාරින් දෙදෙනා අදාළ දරු ප්‍රසූත කාන්තාව කැටුව පොලිස් නිල රථය ගමන් ආරම්භ කළේ යාපනය ශික්ෂණ රෝහල දෙසටයි.

නමුත් රෝහලට යන අතරවාරයේ පොලිස් නිල රථය තුල එම කාන්තාව සිය දරුවා ප්‍රසූත කළ අතර පොලිස් කොස්තාපල් අමිල සෙනෙවිරත්න තමන් පොලිස් අභ්‍යාසලාභියෙකු වශයෙන්  පුහුණුවේ දී ලද ප්‍රථමාධාර දැනුමෙන් අදාළ කාන්තවගේ දරු ප්‍රසූතිය සඳහා ක්‍රියාකර තිබෙනවා.

ඉන් අනතුරුව දරුවා සහ මව ආරක්ෂාකාරී ලෙස යාපනය රෝහලට ඇතුල් කර තිබෙනවා.

අදාළ කාන්තාව යාපන වඩුක්කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි දමිළ කාන්තාවක්. ජාති ආගම් කුල භේදය හා දේශපාලනික වශයෙන් සිංහල දෙමළ භේද පිළිබඳ කතා කරන අවස්ථාවක ජාතිවාදය පසක දමා දමිළ කාන්තාවගේ ජීවිතය මෙන්ම ඇගේ දරවාගේ ද ජීවිතය බේරා දීමට කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයා එහිදී තම රාජකාරිය නිසි ලෙස ඉටු කර තිබෙන බවයි JAFFNA NEWS දමිළ වෙබ් අඩවිය කියා සිටියේ.

 

එමෙන්ම සිය ජීවිතය මෙන්ම දරුවාගේ ජීවිතය බේරාදීමට කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයාට එම කාන්තාව සිය ස්තුතිය පුද කර තිබෙනවා.

එම අවස්ථාවේදී තමන් බේරා ගත්තේ සිංහල පොලිස් දෙවියෙකු බව ඇය එම කොස්තාපල්වරයාව වර්ණනා කර තිබෙනවා.

එම පුවත ඇසු ප්‍රදේශ වාසින් මෙන්ම උතුරේ දෙමළ ජනතාව දුරකථනයෙන් හා සමාජ වෙබ් අඩවලින් කොස්තාපල්වරයාට තුති පුද කළ බවයි JAFFNA NEWS දමිළ වෙබ් අඩවිය වැඩිදුරටත් පවසන්නේ.

ගැබිනි මව සහ දරුවා බේරා දුන් සිංහල පොලිස් හීරෝ මොහුයි කියා සමාජ වෙබ් අඩවිවලින් ඔහුට උතුරේ ජනතව සුබ පැතුම් එක් කළා.





  ඔබේ අදහස්
Nme - පෙරුමාල්
Message -එන් පී ජී ඒ පී සෙනෙවිරත්න මහතාණෙනි ඔබට මනුෂ්‍ය වර්ගයාගේම ප්‍රණාමය හිමි වේ.
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com