master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

තරුණයාගේ කන පැලූ ඒඑස්‌පී ගැන තීරණය 12දා


2017-10-09 08:06:10 -  175 යි

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ දීර්ඝ කාලීන බදු පදනම යටතේ ඉන්දියාවට බදු දීමට විරෝධය පළකරමින් හම්බන්තොට පැවැති විරෝධතාව අතරතුරදී තරුණයකුට පහරදීම සම්බන්ධයෙන් ජාතික පොලිස්‌ කොමිසම එළඹෙන බ්‍රහස්‌පතින්දා (12 දා) තීරණයක්‌ ගැනීමට නියමිතය.
 
 මෙම පහරදීම සම්බන්ධයෙන් පොලිස්‌පතිවරයාගෙන් වාර්තාවක්‌ ඉල්ලා ඇති බවත් එය බ්‍රහස්‌පතින්දාට පෙර ලැබීමෙන් පසු බ්‍රහස්‌පතින්දා කොමිෂන් සභාව රැස්‌වී තීරණයක්‌ ගන්නා බවත් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා  ඊයේ (08 දා) පැවසීය.
 
 මෙම සිද්ධියේදී දෙපාර්තමේන්තු ප්‍රධානියා වන පොලිස්‌පතිවරයා ලබාදෙන වාර්තාව ලැබෙන තෙක්‌ කිසිවක්‌ ප්‍රකාශ කළ නොහැකි බව ද පොලිස්‌පති වාර්තාව සැලකිල්ලට ගෙන එම පොලිස්‌ නිලධාරියාගේ වැඩ තහනම් කර විමර්ශන කිරීමේ බලය කොමිසමට තිබෙන බව ද හෙතෙම කීය.
 
 මේ අතර තරුණයාගේ කනට එල්ල වූ ප්‍රහාරය නිසා ඔහුගේ කන අභ්‍යන්තරය තුවාල වී අභ්‍යන්තර ලේ ගැලීමක්‌ සිදුව ඇතැයි හම්බන්තොට රෝහල් ප්‍රකාශකයෙක්‌ පැවසීය.
 
 චමින්ද සිල්වා

  ඔබේ අදහස්
Nme - පෙරුමාල්
Message -දැන් තියෙන තත්වය අනුව කණ පලල පොල් හිටෙව්වනම් තමයි හරි. ඒ තරමට පොල් ගණන්!
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com