master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

මළ සිරුර මාරුවෙලා කියලා දැනගෙන තියෙන්නේ එම්බාම් කරල, ගෙදරටත් ගෙනාවට පස්සේ


2017-10-05 08:45:24 -  185 යි

හාවාඑළිය _ චන්ද්‍රසිරි මහගම

මල්ශාලාකරුවකු නුවරඑළිය මහ රෝහලේ මෘත ශරීරාගාරයෙන් රැගෙන ගිය මළ සිරුරක් එම්බාම් කටයුතු කොට නිවෙසට රැගෙන ආපසු එය වෙනත් කෙනකුගේ සිරුරක් වීම නිසා ඥාතීන් මහත් අකරතැබ්බකට පත්වීමේ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙයි.
ඉකුත් 2 දින රාත්‍රියේ මෙම සිදුවීම වී තිබේ. නුවරඑළිය පොලිස් බලප්‍රදේශයේ පදිංචිව සිටි වියපත් මවක් නුවරඑළිය මහ රෝහලේ 2 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී එදින රාත්‍රියේ මියගොස් ඇත.

ඒ බව දැනගත් ඥාතීන් පැමිණ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට තිබූ එම සිරුර එම්බාම් කටයුතු සිදු කිරීමට හා මිනී පෙට්ටිය සඳහාද ගණන් හිලව් පොරොන්දු වී නගරයේ මල්ශාලාකරුවකුට භාර දී තිබේ.

ඔහු සිරුර රැගෙන ගොස් අවශ්‍ය කටයුතු සිදුකොට සිරුර නිවෙසට ගෙන විත් පෙට්ටිය අරින විට එය වෙනත් කාන්තාවකගේ සිරුරක් බව දැකගන්නට ලැබී ඇත.
මේ සිරුර මෝචරියෙන් රැගෙන යනවිට තිබී ඇත්තේ එක් කාන්තා මළ සිරුරක් බැවින් කෙසේ කුමකට මාරු වූවාදැයි සිතාගත නොහැකිව මල්ශාලාකරු හා ඥාතීන් සිරුර නුවරඑළිය රෝහලේ මෘත ශරීරාගාරය වෙත යළි රැගෙන ගොස් තිබේ.
ඒ වනවිට එම ස්ථානයේද එකම ගාල ගෝට්ටියකි. 2 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී එදින රාත්‍රියේ මියගොස් තිබූ කොටගල ප්‍රදේශයේ වියපත් කාන්තාවකගේ සිරුර මෘත ශරීරාගාරයේ නැති බව කියමින් ඒ ඥාතීන් කලබලයට පත්ව තිබිණි.

එහිදී හෙළි වී ඇත්තේ මෙසේ එම්බාම් කොට නිවෙසට රැගෙන විත් තිබෙන්නේ කොටගල ප්‍රදේශයේ මෙම මවගේ මරණය බවත් නුවරඑළිය ප්‍රදේශයේ මවගේ සිරුර මෘත ශරීරාගාරයට රැගෙනවිත් ඇත්තේ පසුව බවත්ය.

ආසන්න වෙලාවකදී එකම වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි එකම පෙනුමැති එකම වයසේ මවුවරුන් දෙනොගෙන් එක් සිරුරක් මෘත ශරීරාගාරයට ගෙනවිත් තිබූ අතර අනෙක් සිරුර රැගෙන එන අතර කාලයේ කාගේ හෝ නොසැලකිල්ලක් මත මෙම මාරුවීම සිදුව ඇත.

අනතුරුව රෝහල් පොලිසියේ මැදිහත්වීමෙන් එම්බාම් කර තිබූ සිරුර ඇයගේ කොටගල ඥාතීන්ට ලබාදුන් අතර හාවාඑළියේ පිරිසට ඔවුන්ගේ ඥාති සිරුර රැගෙන යළි මල්ශාලාවකට යෑමට සිදුවිය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com