master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

කොටි සැකකරුවෝ තිදෙනා දිගටම ආහාර වර්ජනයේ


2017-10-05 08:32:17 -  124 යි

අනුරාධපුර බන්ධනාගාරයේ කොටි ත්‍රස්‌තවාදී සැකකරුවෝ තිදෙනෙක්‌ පසුගිය 28 වැනිදා සිට මේ දක්‌වාම තම නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලා ආහාර වර්ජනයක නිරතව සිටිති. මෙසේ ආහාර වර්ජනයේ නිරත මෙම රැඳවියන් පසුගියදා (02 දා) අසාධ්‍ය තත්ත්වයට පත්වීම හේතුවෙන් ඔවුහු බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබා යළිත් ආහාර වර්ජනයේ නිරතව සිටිති.
 
 තමන්ට විරුද්ධව වවුනියාව අධිකරණයේ පවරා තිබූ නඩු අනුරාධපුර අධිකරණයට මාරු කිරීමට විරෝධය ප්‍රකාශ කරන මෙම රැඳවියෝ එම නඩු යළිත් වවුනියාව අධිකරණයෙන් විභාග කරන ලෙසත් ඉල්ලා සිටිති. එසේම තමන්ට විරුද්ධව අධිකරණයේ පවරා ඇති නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලමින් ඔවුහු මෙසේ ආහාර වර්ජනයේ නිරතව සිටිති.
 
 මෙම ආහාර වර්ජනයේ නිරතව සිටින කොටි ත්‍රස්‌තවාදීන්ගේ සුවදුක්‌ බැලීම සඳහා උතුරු පළාත් සභාවේ විපක්‍ෂ නායක සින්නතුරේ තවරාසා මහතා 3 දා පෙරවරුවේදී අනුරාධපුර බන්ධනාගාරයට පැමිණ තිබිණි. මේ වනවිට කොටි ත්‍රස්‌තවාදී සැකකරුවෝ 17 දෙනෙක්‌ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවනු ලැබ සිටිති.
 
 නොච්චියාගම - එම්.එම්. පී. ජී. පෙරේරා

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com