master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

ළමා දිනය වෙනස්ම විදියකට සැමරූ කට්ටියට වැඩ වරදී .


2017-10-04 14:29:38 -  279 යි

සමාජ ජලා වෙබ් අඩවි වල මේ දිනවල සංසරණය වන ජායාරුප කීපයක් පොලිස් පරීක්ෂණයට ලක් විය.මේසිදුවිම වී ඇත්තේ ලෝක ළමා දිනය යෙදී තිබුන ඔක්තෝම්බර් 1 වෙනිදායි. ඒ අනුව මෙම සිදුවීම පිළිබඳ සොයා බැලූ විදුහල්පතිවරයා ක්‍රීඩාංගණයේ තිබී හිස් අරක්කු බෝතලයක් හා සෝඩා බෝතලයක්ද සොයාගෙන ඇති අතර පොලිසියට දැනුම් දීමෙන් පසු පොලිස් නිලධාරීන්, ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන් මවුපියන් කැඳවා ළමයින්ට හා මවුපියන්ට තරයේ අවවාද කර ළමයින් මවුපියන්ට භාරදී ඇත.

මෙම ළමයින් 6 දෙනා පිළිබඳ විනය ක්‍රියාමාර්ග ගන්නා බව විදුහල්පතිවරයා පොලිසියට දැනුම් දී ඇත. මත්පැන් පානය කර සිටි ළමයින් 6 දෙනා කළුතර ප්‍රදේශයේ රෝහලකට රැගෙන ගියද සිද්ධිය පොලිසියට දැනුම් නොදී ළමයින් පරීක්ෂා කිරීම රෝහල් වෛද්‍යවරයා ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ අනුව රෝහලට පොලිසිය සහ මවුපියන් කැඳවා සිද්ධිය සමථයකට පත් කර අති බවද වාර්තා වේ.



  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com