master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

පෙම්වතියගේ නිරුවත් ඡායාරූප ලක්ෂයකට විකුණූ ගල්කිස්සේ ෆේස්බුක් පෙම්වතා මෙන්න


2017-10-04 12:22:56 -  293 යි

තරුණියකගේ නිරුවත් ඡායාරූප අන්ත්ර්ජාලයට මුදාහැර රුපියල් ලක්ෂයක් ලබාගෙන අැතැයි කියන සිද්ධියක් සම්බ්න්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු  ඔක්තොම්බර් මස 6දක්වා රිමාන්ඩ් ගත කිරීමට ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මොහොමඩ් මිහායිම් මහතා නියම කළේය.

සැකකරු මඩකළපුව ,මහරුෆ් මොහොමඩ් නවුෂාඩ් නැමැත්තෙකි.

පැමිනිලිකාරිය හම්බන්තොට පදිංචිකාරියක වන අතර තාවකාලිකව වැල්ලවත්තේ පදිංචි වී සිටින තැනැත්තියකි.

වැල්ලවත්ත පොලිසියට ඇය කළ ඇති ප්‍රකාශය අනුව ඉකුත් අප්‍රේල් මාසයේ 28වැනි දින මුහුණු පොතෙන් සැකකරු හඳුනාගෙන පසුව දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇත.

සැකකරුගේ බිරිඳ සිංගප්පූරුවේදි මියගොස් ඇති බව පැමිනිලිකාරියට දන්වා තිබේ.පසුව පැමිණිලිකාරිය සැකකරු සමග ඇති ප්‍රේම සම්බන්ධතාව නිසා ඔහු සමග විවාහ වීමට එකඟවී ඇත.

එබැවින් සැකකරුගේ ඉල්ලීම අනුව ඇගේ ඡායාරූප ඊමේල් ක්‍රමය මගින් සැකකරුට යවා ඇත.එහෙත් සැකකරු ඇගේ ඡායාරූප මගින් සෑහිමකට පත් නොවීම හේතු කොටගෙන ඔහුගේ ඉල්ලීම අනුව ඇගේ නිරුවත් ඡායාරූප සැකකරුට යවා තිබේ.

ටික දිනකට පසුව සැකකරු ඔහුගේ ප්‍රේම සම්බන්ධතාව අතහැරීම නිසා සොයා බැලීමේදී ඇයගෙන් ලබාගත් නිරුවත් ඡායාරූප වෙනත් අයෙකුට දී රුපියල් ලක්ෂයක් ලබාගෙන ඇති බව ඇයට හෙලිව ඇත.

එම ප්‍රකාශයට අනුව කළ විමර්ශණ මත සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එසේ රිමාන්ඩ් භාරයට පත් කෙරිණ.

සැකකරුගේ ජංගම දුරකථනය මොරටු විශ්ව විද්‍යාලයට යවා වාර්තාවක් කැඳවීමටද අධිකරණය නියම කළේය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com