master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

ගුද මාර්ගය ආදායම් මාර්ගයක් කරගත් නවුෆර්ගේ ඥාතී කාන්තාව


2017-10-04 10:08:21 -  353 යි

ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර කලක් තිස්සේ සිදුවූ බව කියන රත‍්‍රන් හා මත්කුඩු ජාවාරමක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් හෙළි කරගෙන තිබෙනවා.

ජාවාරම්කරුවන් ශ‍්‍රී ලංකාවේ සිට ඉන්දියාවට නීති විරෝධීව රත‍්‍රන් රැගෙන යන අතර එරට සිට ශ‍්‍රි ලංකාවට මත්කුඩු රැගෙන එන බවයි වැඩිදුරටත් හෙළිව ඇත්තේ. 

මෙම ජාවාරම් සම්බන්ධයෙන් සැකපිට ප‍්‍රකට පාතාල සාමාජිකයෙකු වන පොට්ට නවුෆර් හෙවත් මොහොමඞ් නියාස් නවුෆර්ගේ ඥාතී කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටුනායක ගුවන් තොටුපළ වෙත වෑන් රථයකින් ගමන් කරමින් සිටියදී කටුනායක අධිවේගී මාර්ගයේදී ඇය අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් ආරංචි පැවසුවේ. ඇගේ වයස අවුරුදු 32ක් බවද ඇය දෙහිවල ප‍්‍රදේශයේ පදංචිකාරියක බවද හෙළි වී තිබෙනවා. 

වෑන් රථයේ රියදුරු සහ එහි සිටි තවත් පිරිමි පුද්ගලයෙකුද මෙම වැටලීමේදී අත්අඩංගුවට ගැණුනා. ඉන්දියාවට රැගෙන යාම සඳහා රත‍්‍රන් තොගයක් ඔවුන් ගුද මාර්ගයේ රඳවාගෙන සිටි බවයි පොලිස් ආරංචි වැඩිදුරටත් පැවසුවේ.

ඔවුන් විසින් එලෙස සඟවා ගෙන සිටි රත‍්‍රන් ග‍්‍රෑම් 581ක් මේ වනවිට ඉවත් කර ගෙන තිබෙනවා. වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයද එක්වීමට නියමිතයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com