master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

පුදුකුඩිඉරිප්පුවේ තුවක්කු කම්හලක් වටලයි- සැකකරු කොටින්ටත් තුවක්කු හදලා


2017-10-04 09:52:58 -  237 යි

මුලතිව්, පුදුකුඩිඉරිප්පු ප‍්‍රදේශයේදී තුවක්කු ජාවාරමක් සිදුකිරීමේදී අත්අඩංගුවට ගත් සැකකරු අද (04) මුලතිව් මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව  පුදුකුඩිඉරිප්පු පොලිසිය පැවැසීය.

පුදුකුඩිඉරිප්පු පොලිසිය පැවසූවේ සැකකරු සතුව තිබි බඳින තුවක්කු 07 ක්, කඩන තුවක්කු 03 ක්, බඳින තුවක්කු හා කඩන තුවක්කුවලට යොදන පතුරම් මූනිස්සම් 2000 ක්, පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකක් ඇතුළු තුවක්කු සාදන උපකරණ තොගයක්ද අත්අඩංගුවට ගත් බවයි.

පොලිසිය වෙත ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගත් අතර, සැකකරු තුවක්කු සාදා විකුණා ඇති බවද පොලිසිය තොරතුරු අනාවරණය කොටගෙන ඇත.

සැකකරු කඩන තුවක්කුවක් රුපියල් 10,000 කටත්, බඳින තුවක්කුවක් රුපියල් 5,000 ක මුදලකටත් විකුණා ඇති බවද පොලිසිය පැවසීය.

සැකකරු එල්. ටි. ටි. ඊ. සංවිධානය ක‍්‍රියාකාරි අවදියේ එල්. ටි. ටි. ඊ. සංවිධානයේ ආයුධ සකස් කිරීමේ කටයුතු සිදුකොට ඇති බවට අනාවරණය වී ඇති බව මුලතිව් ආරක්ෂක අංශ පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්.ඩි.චන්ද්‍රපාල ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com