master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

සිංහලේ ජාතික බලමුළුවට වාරණයක්


2017-09-30 08:02:17 -  123 යි

ගාල්ල, බූස්ස යුද හමුදා කඳවුරේ රඳවා සිටින රෝහින්ග්‍යා සරණාගතයින්ට එරෙහිව එම කඳවුර ඉදිරිපිට අද (30) පැවැත්වීමට නියමිත විරෝධතාවක් අත්හිටුවමින් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ගාල්ල මහේස්ත්‍රාත් ඒ. නිශාන්ත පීරිස් විසින් මෙම වාරණ නියෝගය නිකුත් කර ඇත්තේ රත්ගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි.

සිංහලේ ජාතික බලමුළුව අද (30) දිනයේ මෙම විරෝධතාව පැවැත්වීම නියමිත බවට සමාජ මාධ්‍යවල පළ කර තිබූ තොරතුරු හේතුවෙන් පොලීසිය මෙම වාරණ නියෝගය ලබාගෙන තිබෙනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com