master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

සමයං ගේ මන්න කල්ලියේ පාතාලයා අල්ලයි


2017-09-29 15:33:32 -  130 යි

පාතාල නායකයෙකු වූ සමයං ගේ මන්නා කල්ලියේ නායකයා වන මුල්ලේගම මලින්ද නමැත්ත විවිධ හැඩති තියුණු ආයුධ හයක් සමඟ අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ හා අපරාධ නිවාරණ කොට්ඨාසය කියයි.

අතුරුගිරිය හංවැල්ල ඇතුළු ප්‍රදේශවල තියුණු ආයුධවලින් කපා පුද්ගලයන් රැසකට බරපතළ තුවාල සිදු කළ මාන්න කල්ලිය මෙහෙයවන පුද්ගලයා හෝමාගම හබරකඩ ශ්‍රී ශ්‍රීලාලංකාර මාවතේ නිවෙසක සාදයකට පැමිණි සිටින බවට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

සමයංගේ නියෝග මත විවිධ පුද්ගලයන්ගේ කප්පම් ලබා ගැනීමේදී ඔවුන් හා සමයං නමැත්ත දුරකතනයෙන් සම්බන්ධ කිරීම සිදු කරන්නේද මෙම පුද්ගලයා බව පොලීසිය කියයි.

සමයංගේ සඟයන් සමඟ ඔහුගේ තැන ගැනීමට උත්සහ කරන පාතාල සාමාජිකයෙකු වන ඌරු ජුවා නැමැත්තාගේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන අත්අඩංගුවට ගත් මලින්ද නැමැත්තාට එරෙහිව පොලිසි කිහිපයකම පැමිණිලි ඇති අතර ඒ හැම පැමිණිල්ලක්ම තියුණු ආයුධවලින් කළ පහරදීම් බව පොලීසිය කියයි.

සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත්තේ ඔහුගේ අනියම් බිරියගේ නිවෙසේ සිටියදීය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සංවිධානාත්මක අපරාධ හා අපරාධ නිවාරණ කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා, පොලිස් අධිකාරී ප්‍රියන්ත ලියනගේ, සහකාර පොලිස් අධිකාරී ශ්‍රී ලාල් පෙරේරා යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජානක කුමාර යන මහත්වරු පරීක්ෂණ පවත්වති.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com