master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

පැහැරගත් තරුණියක් බේරාගනී - බේරාගත් පුද්ගලයෙකු මරුට


2017-09-28 15:53:38 -  123 යි

අද (28) උදෑසන රැකියාවට යමින්සිටි තරුණියක් පැහැරගෙන යමින් සිටියදී අසල්වැසියන් විසින් බේරාගත් පුවතක් ගම්පහ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

28 හැවිරිදි ගම්පහ මදුරුවිට ප්‍රදේශයේ පදිංචි මෙම තරුණිය මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ ඇගේ පැරණි පෙම්වතා බව කියන තරුණයකු සහ තවත් තරුණයන් දෙදෙනකු විසින්.

තරුණිය ත්‍රීරෝද රථයක දමාගෙන පැහැරගෙන යන බවට දැනගත් පසු අසල්වැසියන් කර ඇත්තේ මෝටර් රථවලින් අදාළ ත්‍රි රෝද රථය හඹා යාමයි.

පසුව සීදුව කොටුගොඩවත්ත ප්‍රදේශයේදී තරුණියව බේරා ගැනීමට අසල්වාසීන් සමත් වුනා.

ඇය බේරාගැනීමේ මෙහෙයුමට එක් වූ 60 හැවිරිදි අසල්වැසි පුද්ගලයකු එම අවස්ථාවේ ඇද වැටී මිය ගොස් ඇති බවද අප වාර්තාකරු කියා සිටියා.

ඔහු හෘද රෝගයක් සම්බන්ධයෙන් ප්‍රතිකාර ගනිමින් සිටි බව ඔහුගේ ඥාතීහු සඳහන් කර තිබෙනවා.

අසල්වැසියන්ගේ පහර කෑමට ලක්වූ තරුණියගේ පැරණි පෙම්වතා බව කියන තරුණයා ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

ඔහුගේ සහයට ආ අනෙකුත් තරුණයන් දෙදෙනා පළා ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com