master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

සියඹලෑව අශෝක මහා විද්‍යාලයේ සිසුවාට පංති භාර සර්ගෙන් අමුතු පාඩමක්


2017-09-28 11:47:17 -  133 යි

තන්තිරිමලය මහ සියඹලෑව අශෝක මහා විද්‍යාලයේ හතරවැනි ශ්‍රේණියේ ඉගනුම ලබන නව හැවිරිදි බාල වයස්කාර සිසුවෙකුට ජංගම දුරකථනයේ ගබඩා කරගත් අසභ්‍ය වීඩියෝ දර්ශණ හා අසභ්‍ය ඡායාරූප පෙන්වූ 47 හැවිරිදි ගුරුවරයෙකු තන්තිරිමලය පොලීසියි විසින් පෙරේදා අත්අඩංගුවට ගෙන තිබේ.

මීට දින හකරකට පමණ ඉහතදී හතරවැනි ශ්‍රේණියේ පන්තිභාර ගුරුවරයා සිසුවා ඔහු ආසන්නයට කැඳවා ඔහුගේ ජංගම දුරකථනයේ තිබූ අසභ්‍ය ලිංගික දර්ශණ හා අඩනිරුවත් හා නිරුවත් කාන්තා ඡායාරූප පෙන්වා ඇති බව පවසන පොලීසිය දරුවා පාසල නිමවීමෙන් අනෙතුරුව නිවසට ගොස් ඒ පිළිබඳව බාප්පාට පවසා ඇති බත්,බාප්පා ඒ සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංශයට දන්වා ඇති බවත් පැවසුවේය.

පසුව පොලිස් නිළධාරීන් සැකකාර පන්ති භාර ගුරුවරයාව අත්අඩංගුවට ගෙන ඔහුගේ නවීන ජංගම දුරකථනය පරීක්ෂා කළ අවස්ථාවේ එහි අසබ්‍ය වීඩියෝ හා ඡායාරූප 51 තිබී සොයාගෙන ඇත.

සිසුවා සිය පන්ති භාර ගුරුවරයා සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් පොලීසියට ප්‍රකාශයක් ලබාදී ඇති අතර ඔහුගේ බාප්පාත් පොලීසියට ප්‍රකාශයක් ලබාදුන් බවත්,අත්අංඩුගවට ගත් ගුරුවරයා බිරියගෙන් වෙන්ව සිටින්නෙකු බවත් පොලීසිය අණාවරණය කළේය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com