master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

වන්නියේ ආරක්ෂක අංශ ඉවත් කොට පාසල් 12ක් අරඹන්න යයි


2017-09-28 10:47:54 -  68 යි

මඩුකන්ද - දීපාල් බණ්ඩාර

වවුනියාව හා මුලතිව් දිස්ත්‍රික්කවල ආරක්ෂක අංශ රැඳී සිටින ප්‍රදේශ නිදහස් කොට පාසල් 12ක් යළි ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් මහතා පවසයි.
එම පාසල් පිහිටි ප්‍රදේශවල යළි පදිංචි කිරීම් අවසන් වීමෙන් පසු පාසල් ආරම්භ කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඊයේ (27දා) වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකට එක් වූ අවස්ථාවේදීය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ පැරැණි පාසල් පිහිටි ප්‍රදේශවලින් ආරක්ෂක අංශ ඉවත් වී එම ප්‍රදේශවල ජනතාව යළි පදිංචි කිරීම්වලින් අනතුරුව එම පාසල් යළි ආරම්භ කිරීමට හා සංවර්ධනය කිරීමට කටයුතු කරන බවයි.
වවුනියාව, මන්නාරම හා මුලතිව් යන දිස්ත්‍රික්කවල ආරක්ෂක අංශ රැඳී සිටින ඉඩම් නිදහස් කිරීම හා එම ප්‍රදේශවල ජනතාව යළි පදිංචි කිරීමෙන් පසු පාසල් යළි ආරම්භ කිරීමත් පිළිබඳව මෙම සාකච්ඡාව පැවැත්විණි.

පොලිසිය, යුද හා නාවික හමුදා නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන් හා අධ්‍යාපන නිලධාරීන් මෙම සාකච්ඡා සඳහා සහභාගි වූ අතර වවුනියාව දිස්ත්‍රික් ලේකම් එම්. බී. ආර්. පුෂ්පකුමාර මහතා, නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශ නිලධාරීහු පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියහ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com